Pages

භාණ්ඩ හුවමාරුවෙන් විදුලි බිල් ගෙවිය හැකියි? SLC in bizarre dealing with CEB

ක්‍රිකට් ලංවිම අමුතු ගණුදෙණුවක
විදුලි බිල්පත් ගෙවීම අතීතයේදී සිදුවූ භාණ්ඩ හුවමාරු ක්‍රමයට කළ හැකි බවට තහවුරු වූ ගණුදෙනුවක් සිදුවී ඇති බව වාර්තා වේ.

ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලංවිමට රුපියල් කෝටි 8 ක විදුලි බිලක් ගෙවීමට ඇති බවත් එම බිල මුදලින් ගෙවනවා වෙනුවට ක‍්‍රිකට් පාලක මණ්ඩලය සතුව තිබූ කෝටි 6 ක් වටිනා ජනක යන්ත‍්‍ර 2 ක් ලංවිමට පිරිනමා විදුලි බිලට හිලව් කර ඇති බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා හෙළිදරව් කරයි.මෙය අමුතුම මාදිලයේ විදුලි බිල් ගෙවීමක් වන අතර මේ ගනුදෙනුව පිළිබඳව මේ වන විටත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් රටට කරුණු හෙළි කර ඇත. මේ පිළිබඳව ක‍්‍රිකට් පාලක මණ්ඩලයට අදාල විගණකාධිපති වාර්තාවේද සඳහන් කර ඇති බවද ඔහු පවසයි.

අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කිරීමත් සමග ලංවිමට එරෙහිව දූෂණ වංචා චෝදනා ගණනාවක් එල්ල වී ඇති මොහොතක මෙම අපූරු ගනුදෙනුව පිටුපසද වංචාවක් තිබිය හැකි බැවින් මෙහි සත්‍ය අසත්‍ය වහාම රටට හෙලි කිරීම ලංවිම බලධාරීන්ගේ වගකීමකි.



ඒ වගේම ලංකා විදුලි සේවක සංගමය ලෙස අපද ලංවිම බලධාරීන්ගෙන් ප‍්‍රශ්ණ කරන්නේ භාණ්ඩ හුවමාරුවෙන් විදුලි බිල් ගෙවිය හැකිද?

එසේ නැතිනම් බිලෙන් ඉතිරි කෝටි 2 මේ වන විට අයකරගනු ලැබුවේද?

කෝටි 6 ක් වටිනා ජනක යන්ත‍්‍ර 2 ලංවිම සතුව දැනට තිබෙන්නේ කොහිද?

මෙවැනි අපූරු ගනුදෙනුවකට අනුග‍්‍රහය දුන්නේ කව්ද?

එබැවින් වහාම මෙම රුපියල් කෝටි 8 ක ගනුදෙනුව පිළිබඳව රටට හෙළිකරන ලෙස ලංකා විදුලි සේවක සංගමය ලංවිම බලධාරීන්ට හා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසයි.