අනුරගෙන් සජිත්ට තවත් දිනයක් - මැයි 20ට පෙර විවාදයට සූදානම්

මැයි 20ට පෙර සමගි ජන බලවේගය ලබාදෙන ඕනෑම දිනක විවාදයට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජනබල වේගයේ මාතර මැයි රැළිය අමතමින්.

එමෙන්ම මේ වනවිට සෙසු සියළු පක්ෂ වෙනදාට වඩා මාලිමාව දෙස බලාසිටින බවත් එම නිසා සිය පක්ෂයට අභියෝගය වැඩි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මින් ඉදිරියට දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් වරදක්

දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

පෑලියගොඩ අවටින් ඇල්ලූ වීදි ගණිකාවන් 25ටම සමාජ රෝග

පෑලියගොඩ පොලිස් වසමේ දින කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් පොලිසිය භාරයට ගත් වීදි ගණිකාවන් විසි පස් දෙනකු සමාජ රෝගවලට ගොදුරු වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මෙම කාන්තාවන් පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණය, මත්ස්‍ය වෙළෙඳපොළ, පට්ටිය හංදිය, වෙදමුල්ල ඇතුළු ප්‍රදේශවලදී පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ලොව විශාලම ගුවන්තොටුපළ ඩුබායි නගරයේ ඉදිවෙයි

Dubai begins construction of 'world's largest' airport

වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 260 ක් මෙහෙයවිය හැකි ලොව විශාලතම ගුවන්තොටුපළ ඩුබායි නගරයේ ඉදිකිරීම ආරම්භ කළ බව ඩුබායි නගරයේ පාලකයා වන ෂික් මොහොමඩ් බින් රෂිඩ් අල් මැක්ටවුම් විසින් ඊයේ (29දා) නිවේදනය කර තිබේ.

මම ඉන්නේ මහත්තයා එක්ක -ඒ ඔක්කොම බොරු - pooja umashankar

පූජා උමාශංකර් රඟන ‘සිහිනයකි ආදරේ’ සිනමාපටය මේ දිනවල තිරගත වේ. පූජාගේ චිත්‍රපටයක් තිරගත වන්නේ වසර හතකට පසුවය. ඒ සමගම පූජා ගැන ඇතැම් පුද්ගලයන් අතර මෙන්ම මාධ්‍ය ක්‍ෂේත්‍රයේද විවිධ ප්‍රචාරයන් පළවෙමින් තිබේ. ‘සිහිනයකි ආදරේ’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයේදී හෝ මංගල දර්ශනයේදී මෙන්ම ප්‍රචාරක කටයුතුවලදීද පූජා පෙනෙන්නට නොසිටීම ඊට හේතුවක් වන්නට ඇත. පූජා බැංගලෝරයේ සිට කතා කළාය. මේ ඇය අප සමග කළ සංවාදයයි.

● පූජා කෝ කියලා මේ දවස්වල ඔබේ රසික රසිකාවියෝ හොයනවා. ඇත්තටම පූජා කොහෙද ඉන්නේ ?

මම ඉන්දියාවේ බැංගලෝර්වල ඉන්නේ. තාත්තායි අම්මයි එක්ක මයිසූර්වල ඉඳලා බැංගලෝර්වලට ආවා.

පෙබරවාරි මාසය ඔබට කොහොමද?

පෙබරවාරි මාසය ආරම්භයේ මකර රාශිය උදාවී එහි රවි ග්‍රහයා ගෝචරව සිටීම අනුව තරමක උණුසුම් වාතාවරණයක් මෙන්ම මහජනතාව තුළ ද සානුකම්පිත බව ගිලිහී යාමේ ප්‍රවණතාවක් දක්නට ඇත.

පෙබරවාරි මස 22 සහ 28 යන දිනවල සිකුරු – කුජ සහ බුධ – ශනි යන ග්‍රහයන් අතර ග්‍රහ යුද්ධ දෙකක් පෙන්නුම් කරයි. ඒවායින් සිකුරු සහ ශනි ජයග්‍රහණ ලබයි.

විවාහයෙන් වෙන් වෙලා හිටියත් දුව තාත්තට ආදරෙයි - Upeksha Swarnamali

උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ අපේ රටේ සිටින ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. සිය දක්ෂතා මඟින් නිර්මාණ රැසකින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නට සමත් වූ ඇය මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ඉතාමත්ම ජනප්‍රියයි. 2024 අවුරුද්දේ උපේක්ෂා මොනවද කරන්නේ කියලා දැන ගන්නත් එක්කම කතාබහකට එකතු කර ගත්තා.

මම මගේ පෙම්වතා එක්ක එක ගෙදර ජීවත් වෙන්නේ - Volga Kalpani

වොල්ගා කල්පනි කියන්නේ එකිනෙකට වෙනස් වූ චරිත එක්ක පුංචි තිරයත් සමඟ ගැටෙන රංගන ශිල්පිනියක්. ඒ නිසාම මුලින්ම ප්‍රධාන චරිතයක් රඟපෑ ටෙලි නාට්‍යයෙන්ම ඈ හොඳම නිළියට හිමි සම්මානය ලබා ගන්නවා, තවමත් සම්මානවලට හිමිකම් කියන වගේම කාලයක් පුංචි තිරය එක්ක ගනුදෙනු කරන ඈ ගැන තොරතුරුයි මේ.

වොල්ගා කොහොමද ජීවිතේ ..?

මම කවදත් සතුටින් ජීවත් වෙන්න ආස කරපු කෙනෙක්. ඒ නිසා ඒ සතුට හැමදාමත් මම වින්දා. අදත් සතුටින් ජීවත් වෙනවා . මේ දවස්වල මම රංගනයෙන් සම්බන්ධ වෙන නාට්‍ය දෙකක් විකාශය වෙනවා.

Gossip Lanka Hot News Previous News Archive