පසුව ඇම්බියුලන්ස් රථයක් එතැනට ගෙනවිත් ඔහුව රැගෙන ගියත් අතරමගදී ඔහුව මරුමුවට පත්ව තිඛෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල, දංගෙදර පදිංචි ව්‍යාපාරිකයකු සහ දේශපාලන සම්බන්ධකම් තිඛෙන කුමාර සෙනෙවිරත්න නැමැති අයෙකු බව පැවසෙනවා. දංගෙදර ප්‍රදේශය හරහා පසුගිය 25 වනදා දවල් 1.20 ට පමණ යතුරුපැදියක නැග ගාල්ල, ඩික්මන් හන්දිය දෙසට ඔහු ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථය යතුරුපැදියේ හප්පා ඇති අතර, එම අවස්ථාවේ කුමාර සෙනෙවිරත්න යතුරුපැදිය සමග මහ පාරේ ඇද වැටී ඇත. අනතුරුව වෑන් රථයේ සිටි පිරිස එළියට පැන කඩුවලින් සහ මන්නාවලින් ඔහුගේ් අතක් සහ කකුලක් වෙන් වන්නට කපා දමා පළා ගොස් තිඛෙනවා. අවට ජනතාව ඒදෙස බලා සිටියත් කිසිවක් කරන්නට කිසිවෙකු ඉදිරිපත්ව නැත. අසළ රථවාහන හැසිරවීමේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සේවයේ සිටියත් ඔවුන්ද පැමිණ නැත.
මියගිය තැනැත්තා දංගෙදර සමගි වත්තේ පුද්ගලයෙකු බවත් දංගෙදර සමගි වත්ත හා කනම්පිටියේ බංගාලි වත්ත අතර කාලාන්තරයක් තිස්සේ පවතින ගැටුම මේ ආරවුලට හේතුවන්නට ඇති බවත් පැවසෙන අතර එම ගැටුම් පිළිබඳ දන්නා නිසා ඇතැම් පොලිස් නිලධාරීන් පවා මේ ආකාරයේ සැහැසිකම් නොදන්නා ගාණට සිටීම දැන් පුරුද්දක් බවත් ප්‍රදේශවාසීන් පවසනවා. ටිකවේලාවකින් කිසිවෙකුගේ දැනුම්දීම මත පැමිණි ගිලන් රථයකින් තුවාලකරු ගාල්ල, කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇතත් අතරමගදී ඔහු ජිවිතක්ෂයට පත් වී තිබුණා.
ඝාතනයට ලක් වූ කුමාර සෙනෙවිරත්න යන අයගේ සොහොයුරෙකු වූ ගාල්ල නගර සභාවේ හිටපු විපක්ෂ නායක දුෂ්‍යන්ත සෙනෙවිරත්න නැමැති අයද මීට පෙර හදිසියේ වෙඩි තබා ඝාතනය කර තිඛෙන බව වාර්තා වුණා.ඒ මේ ගැටුම් වල ප්‍රථීඵල ලෙසයි. මෙම සිද්ධියේදී රථවාහන රාජකාරි කරන පොලිස් නිලධාරීන් පණ අදින පුද්ගලයා අසළට නොපැමිණ නොදැක්කා වගේ බලා සිටි බවත් ගිලන් රථය පිටත්වී ටික වේලාවකට පසු වටේ ඉන්න අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් වාර්තා වුණා.
මහමග අත් පා කෑලි කර දැමූ පසු කුමාර කිසිවෙකුගේ හව්හරණක් නැතිව මිනිත්තු ගණනාවක් තිස්සේ නැගිටින්නට වෙර දරා තිබූ අතර තමන්ගේ වෙන්ව ගිය අත හා පය දෙස බලමින් හූල්ලමින් ඔහු වටපිට බැලු අයුරු සංවේගදායකය.ඔහුව මෙයට පෙර රෝහල් ගත කළේ නම් ඇතැම්විට ඔහුගේ ජීවිතය බේරාගන්නට හැකියාවක් තිඛෙන්නටද ඇත.

(බිහිසුණු දර්ශන ඇතුලත් බැවින් කරුණාකර සංවේදී අය හා කුඩා දරුවන් මෙය නැරඹීමෙන් වලකින්න)