එයාර් ඇරබියා මත්තල හැරයයි - Air Arabia has cancelled Sharjah – Mattala/Hambantota route,

මැදපෙරදිග කළාපයේ හා උතුරු අප්‍රිකාවේ පළමු හා විශාලතම අඩුවැය ගුවන් සේවය වන “එයාර් ඇරබියා“ ගුවන් සේවය සාජා හා මත්තල අතර ගුවන් ගමන් මැයි මාසයේ සිට නතර කර ඇතිබව වාර්තාවේ.

මේ බව, “එයාර්ලයින් රූට්“ (Airline Route) වෙබ් අඩවිය විසින් අනාවරණය කරන අතර “එයාර් ඇරබියා“ ගුවන් සේවයේ වෙබ් අඩවියේද මෙම ගමනාන්තය සඳහා මගීන් ලියාපදිංචි කිරීම නතර කර දමා තිබෙන බව එම වාර්තාවේ සඳහන්ය.මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාවට පියාසර කිරීමේ දෙවන ගමන්නාතය ලෙසින් පසුගියදා මත්තල තෝරාගත් අතර මත්තල, “එයාර් ඇරබියා“ ගුවන් සේවයේ 84 වන ගමනාන්තය විය.

ගුවන් සේවය විසින් 2013 මාර්තු 18 වනදා, මත්තලට සමාරම්භක ගුවන් ගමන සිදුකළ අතර සාජා හා මත්තල අතර සතියකට සිදුකළ ගුවන් ගමන් වාර දෙක ගුවන් ගමන් වාර හතරක් දක්වා වැඩිකිරීමේ බලාපොරොත්තුවක් තිබෙන බවද මුලදී සඳහන් කර තිබුණි.
“එයාර් ඇරබියා“ ගුවන් සේවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සාජා සිට සතියකට ගුවන් ගමන් වාර 09 ක් ක්‍රියාත්මක කරයි.


මෙම ගුවන් සේවය සාජා-මත්තල අතර පියාසර කිරීම නතර කර ඇතැයි දැක්වෙන “එයාර්ලයින් රූට්“ (Airline Route) වෙබ් අඩවියේ වාර්තාව මෙන්න.

Air Arabia Cancels Mattala/Hambantota Service from May 2013

by JL

Update at 0600GMT 08MAY13

Air Arabia has cancelled Sharjah – Mattala/Hambantota route, just 6 weeks after it became the first foreign carrier to operate the newest International airport in Sri Lanka. The airline previously operated twice weekly service.

G9508 SHJ2130 – 0350+1HRI 320 47

G9509 HRI0430 – 0740SHJ 320 15

Reservations on the airline’s website is no longer available.

Gossip Lanka Hot News Previous News Archive