සත්ව බිලි පූජාවට එරෙහිව මුන්නේෂ්වරම් හි විරෝධතා

මුන්නේෂ්වරම් මහා භද්‍රකාලී කෝවිලේ වාර්ෂිකව සිදුකරන සත්ව බිලි පූජාවට එරෙහිව මහා සංඝරත්නයේ විරෝධතා පෙළපාලියක්‌ පැවැත්විණි. ජාතික සත්ව හිංසා සුබ සාධක සංගමය හා ජාතික භික්‍ෂු පෙරමුණ විසින් එම විරෝධතා ව්‍යාපාරය සිදුකරන ලදි. 

මෙම කෝවිල් භූමියේදී වසරකට එක්‌ දිනකදී එළුවන් හා කුකුළන් පන්සීයක්‌ (500) පමණ ඝාතනය කිරීමට එරෙහිව මෙම විරෝධතාව පැවැත්විණි.මෙම අවස්‌ථාවට ජාතික භික්‍ෂු පෙරමුණේ භික්‍ෂූන් වහන්සේලා දෙසීයක්‌ (200) පමණ සහභාගි වූ අතර සත්ව හිංසා මර්දනය කිරීමේ සංවිධාන රැසක්‌ද ඊට එක්‌විය.තංගල්ල වජිරගිරි විහාරාධිපති, මිරිස්‌සේ ධම්මවංශ, පස්‌සරමුල්ලේ ධම්මවංශ, මාදම්පේ සුදර්ශනාරාම විහාරාධිපති කිඹුලාපිටියේ ධම්මරතන යන හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයද මේ අවස්‌ථාවට සහභාගි වූහ.

 සතුන් මැරීම මහා අපරාධයක් බව පවසන සංවිධායකයෝ, එය වැළැක්වීම තම අරමුණ බව ද පවසති

අදාළ බිලි පූජාව සඳහා සතුන් රැගෙන ආවොත් එම සතුන් තම භාරයට ගන්නා බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය දා ජනමාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.සත්ත්ව හිංසනයට එරෙහිව මහා සත්‍ය ක්‍රියාවක් ලබන මස පළමු වැනි දින කාලි දේවස්ථානය ඉදිරිපස පැවැත්වීමට අමාත්‍ය මර්වින් සිල්වා සැරසෙන නමුත් බිලි පූජාව නැවැත්වීමේ කිසිදු සූදානමක් නැති බවයි, කෝවිලේ ප්‍රධාන පූජකතුමා පවසන්නේ.

ඓතිහාසික හලාවත මුන්නේස්වරම කාලි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත බිලි පූජාව නවත්වන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කළහොත් එය නැවැත්වීමට තමන් සූදානම් බව කෝවිලේ ප්‍රධාන පූජකතුමා පවසති.එහෙත් අමාත්‍ය මර්වින් සිල්වා ගේ "තර්ජනයට" බිය වී ලබන සැප්තැම්බර් පළමුවෙනිදාට යෝජිත බිලි පූජාව නවතා දැමීමට තමන් සූදානම් නැති බවයි, කාලිමුත්තු සිවපාදසුන්දරම් පූජක තුමා පවසන්නේ.






Gossip Lanka Hot News Previous News Archive