දියතලාවට, බණ්ඩාරවෙළට අයිස් වැස්සක්

දියතලාව හා බණ්ඩාරවෙල ප‍්‍රදේශවලට අද (25) දවල් 12.45 ට පමණ තද අයිස් වැස්සක් ඇද හැලී තිබේ.

විශාල සුළඟක් සමග මෙම වැස්ස් ඇද හැලී ඇති බවද පැවසෙන අතර, මේ අයිස් වැස්ස් අඟල් බාහයක් පමණ වූ බවද පැවසේ.

මුළින්ම මේ අයිස් වැස්ස දියතලාවට වැටී තිබෙන අතර එය පැය භාගයක් පමණ තිබී ඇත.

ඒ තත්ත්වය නතර වෙන විට බණ්ඩාරවෙල නගරයට අයිස් වැස්ස කඩාවැටී තිබේ.

දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් ගැලවී පාරවලට වැටී ඇති අතර බණ්ඩාරවෙල පළාත පුරා විදුලිය විසංධි වී ඇති බව වාර්තා වේ.

මේ අතර, බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පිහිටි වාණිජ මධ්‍යස්ථානයේ වහලයෙන් භාගයක්ම මෙම සුළඟට ගැලවී ගොස් ඇති බවද වාර්තා වේ.

මෙම අයිස් වැස්ස එළවළු වගාවන් මතට වැටී ඒවාට හානි වී ඇතිබව අප වාර්තාකරු පැවසීය.
බණ්ඩාරවෙලට වැටුණු අයිස් වල ජායාරූප එකතුවක්.



Gossip Lanka Hot News Previous News Archive