Nov232012

සුසී පෙරේරා ‘Anlene Ad ’ සංගා ගේ පොලු ගලවයි

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරු කුමාර සංගක්කාර පෙනී සිටින ප‍්‍රකට වෙළඳ දැන්වීමක් වන ‘ඇන්ලීන්’ පිටි කිරි දැන්වීම ඉලක්ක කරමින් ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකදී විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය කීවේ එය සම්පූර්ණයෙන්ම මහජනයා නොමඟ යැවීමක් කියාය.

තම ජයප‍්‍රියත්වයෙන් මීට වඩා වැදගත් දේ සමාජගත කිරීමට ඔවුන් කටයුතු කල යුතු බවද ඇය කීවේය.



‘අපේ සමාජයේ මං හිතන්නෙ ගොඩාක් බලනව ප‍්‍රසිද්ධ පුද්ගලයින් දිහා. විශේෂයෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් දිහා. නමුත් අවාසනාවන්තකමට ඇත්තටම අපට පේනව බොහෝ අවස්ථාවල ඔවුන්ගෙන් එහෙම අපට උදව්වක් වෙලා නෑ කියන එක. සමහර වෙලාවට ක‍්‍රීඩකයින් වෛද්‍යවරු හැටියට හරි බොරුවට පෙන්නල වැරදි ආකල්පයක් සමාජයට දෙනව.

දැන් කාලෙ මිනිස්සු ගොඩාක් වියදම් කරනව යම් යම් දේවල් විශේෂයෙන් කිරි ජාති..මේ මේ දේවල් බිව්වොත් ශක්තිමත් වෙලා නිරෝගිමත් වෙල ඉන්න පුළුවන් කියල..ගොඩාක් ඒවට වියදම් කරනව. නමුත් ඇත්තටම එහෙම අවශ්‍යතාවක් නෑ. විශේෂයෙන්ම කිරිවල තියන කැල්සියම් ගැන කියනව. කැල්සියම් එහෙම කිරි වලින් කියල ගන්න අවශ්‍යතාවක් නෑ.

ලංකාවෙ ඕන තරම් හිරු එළිය තියනව..එළියෙ අපි සෙල්ලම් කරනව නම්..අපේ තියන පලා එළවළුයි පොඩි මාළු ජාති කෑවොත් හොඳටම ඇති ශරීරයට අවශ්‍ය කැල්සියම් ප‍්‍රමාණයට.

වැරදි අදහස් දීල මිනිස්සුන්ව ගොඩක් වියදම් කරවනව..සමහර වෙලාවට ඒගොල්ලන්ගෙ අස්ථි දිරායාම වළක්වන්න කියල..ඒවගේ ප‍්‍රවණතාවක් තියනව වැරදි දේවල් වලට යොමු කරන්න..

මං හිතන්නෙ අපි බලන්න ඕන මේ චරිත කවුද කියන එක. මං හිතන්නෙ ඒ චරිත වලට පුළුවන් එකතු වෙලා මිනිස්සුන්ගෙ මරන පමා කරන්න උදව්වක් වෙන්න.අනික් පැත්තෙන් මිනිස්සුන්ට කරදරයක් වෙනව වෙනුවට.’

යනුවෙන්ද ඇය කී වීඩියෝව මෙසේය.



Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive