![]() |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbLEZdh-LIT5EnSFfbs59vxqE-9C3qCSuU5ObWZLtfelcNsaSUIEE_vQR0EpByCBKuoxk9pl7baGl8Io4gGhbVPI2mbvnYs7WjfjuDbbhGowWH_0zaroA7SN244wSpRHFXcJGQv_vRhoh5/s1600/anu.jpg)
ඊයේ (10) රාත්‍රී මාලන් තවත් පුල්ගලයින් කීප දෙනෙක් සමග පැහැරගත් ටී56 ගිනි අවි අතැතිව බන්ධනාගාරයෙන් එළියට බැස අසල වූ ත්‍රීවිලරයකට නැගී සතර අතට වෙඩි තබමින් පලා යන්නට උත්සාහ කොට තිබේ.
විශේෂ කාර්ය බලකායේ සේනාධිනායක රණවන මහතාට හා සෙසු හමුදා, පොලිස් මෙන්ම සිවිල් වැසියන්ට තුවාල සිදුව තිබෙන්නේ මාලන් ඇතුලු පිරිස එල්ල කළ ප්‍රහාර මගින් බව වාර්තා වේ.
ඒ මොහොතේ ආරක්ෂක අංශ මගින් එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් මාලන් ඇතුලු 7දෙනෙක් ත්‍රීවීල් රථයේම මරණයට පත්ව තිබේ.
එම ත්‍රීවීල් රථය මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විදුලි සංඥා පුවරුව අසල තිබේ.
කෙසේ වෙතත් මේ වන විට බන්ධනාගාරය පරීක්ෂා කටයුතු සිදුවන අතර හමුවූ සිරුරු වලින් කිහිප දෙනෙකුම ප්‍රදාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ බවට හදුනාගෙන තිබේ.
අතුරුදන් අවි හා තුවාලකරුවන් සොයා 200කට වැඩි නිලදාරීහු පිරිසක් මේ වනවිට බන්ධනාගාරයේ පරීක්ෂා කරති.