"එයා බැඳලා කියලා මම දැනගෙන හිටියේ නෑ" - ගොළුමඩමේ ඝාතකයාගේ (21)පෙම්වතිය - Rathmalana Golumadama Triple Murder Case

රත්මලාන බිරිය හා දරුවන් දෙදෙනා ඝාතනය කළ සැමියා පිළිබඳ තවදුරටත් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණවලදී අලූත් තොරතුරු රැසක් දැන් අනාවරණයවී තිඛෙනවා. විමුක්ති මධුරංග ද සිල්වා නමැති 34 හැවිරිදි සැකකරු තමාගේ වයස 27 ක් බව හා කළුතර පදිංචි බවට බොරු කියමින් වයස 21 ක් වන ළාබාල මීගමුව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසල් ගුරුවරියක හා පෙම් සබඳතාවයක් අරඹා තිඛෙන අතර ඇය මේ මිනීමැරුම් සිදුවනතුරු ඔහු විවාහකයෙකු බව දැන සිට නැත.ඇයව විවාහ කරගන්නට සිතා ඔහු මේ මිනීමැරුම් කල් ඇතිව සැලසුම් කර තිඛෙන බවද පොලිස් පරීක්ෂණවලදී එළිදරව්වී තිඛෙනවා.
මිනීමැරුම් සිදු කිරීමෙන් අනතුරුව ඉතා සැලසුම් සහගත ලෙස දෙමාපියන් වේශයෙන් පෙනී සිටින දෙදෙනෙකු කුලියට ලබාගෙන ඔවුන්වත් හවුල් කරගෙන ගල්කිස්ස හෝටලයේ විවාහ උත්සවයක් ගන්නටත්
සැකකරු සැලසුම් කරගෙන තිබූ බව වාර්තා වනවා. ඔහු මේ විවාහය ගැන කතා කරගන්නට තවත් සතියකින් පමණ පෙම්වතියගේ දෙමාපියන්ට කළුතර එක්තරා නිවසකට එන්නට දිනයක්ද යොදාගෙන තිබූ බව හෙළිවනවා.

ඝාතන සිද්ධියෙන් පසු සැකකරු කළ පාපොච්චාරණය අනුව ඔහුගේ පෙම්වතිය බව කියන තැනැත්තියට පොලිසිය දුරකථනයෙන් කථා කළ පසු ඇය ගල්කිස්ස පොලිසියට පැමිණ කට උත්තරයක් දෙමින් මෙසේ පවසා තිඛෙනවා.


* මං මධුරංග අඳුනාගත්තේ කොළඹ ක්ලාස් එකකට ආපු වෙලාවක.මං කොළඹ ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නට ඩිප්ලෝමා කෝස් එකක් කළා.ඒ පංතිය ආසන්න තැනක මධුරංගත් වෙනත් කෝස් එකකට ඇවිත් හිටියා. එහිදී දැන හඳුනාගත්තට පස්සෙ ඔහු මගේ දුරකථනයට එස්එම්එස් පණිවිඩ මිස් කෝල් වරින් වර එව්වා. අපි කථා බහ කරා. ඔහු කිව්වා වයස 27 ක් බවත් පුද්ගලික ආයතනයක වැඩ කරන බවත් කළුතර පදිංචි බවත්. නමුත් විවාහ වී ඇති බව කිසිම වෙලාවක කියල නෑ. මගේ වයස 21 යි. මං මීගමුවෙ ජාත්‍යන්තර පාසලකයි උගන්වන්නෙ. ඔහු මුණගැහිල තාම ටික කාලයයි. මාසයකට පමණ පෙර මං එක්ක පෙම් සබඳතාවයක් අරඹන්න ඕන කියල ඔහු කිව්ව. මං දෙමාපියන්ට ඒ ගැන කිව්වහම උගත් වැදගත් කෙනෙකු නිසා ඔවුන් විරුද්ධතාවයක් දැක්වුයේ නෑ. එයාගෙ දෙමාපියන් හමුවෙල බලමු කිව්වා. ලබන සතියෙ දවසක දෙමාපියන් එයාගෙ ගෙදර යන්න දින දාලා හිටියෙ. 

අපේ සම්බන්ධය පටන් ගත්තට පස්සෙ අපි ගෝල් ෆේස් එකේදී හමුවුණා. නිදහස් චතුරශ්‍රයටත් ගිහින් තියනවා. බොහෝ අවස්ථාවල එයාගෙ වාහනයෙ වාඩිවෙල ඉන්න ගමන් තමයි කථා කළේ. එයා කිව්ව අපි මවුන්ට් ලැවිනියා එකේ වෙඩින් එක ජයටම ගමු කියල. ලබන 23 වෙනිදා කළුතර එයාගෙ ගෙදර එන්න දෙමාපියන් ලෑස්ති වෙවී ඉන්නකොට තමයි එයා 18 වෙනිදා උදේ කථා කරල කිව්වෙ zමට ඔෆිස් වැඩකට හදිසියෙ සිංගප්පූරුවට යන්න වෙලා..23 වැඩේ කල්දාන්න වෙනව කියල.
එයා කතා කරල තියෙන්නෙ ඒ මිනීමැරුම් දවසට පහුවදා උදේ බව මට වැටුහුනේ පස්සේ. මේ මිනීමැරුම ගැන මාධ්‍ය වලින් දැනගත්තත් එය කරල තියෙන්නෙ මෙයා බව දැන හිටියෙ නෑ. පොලිසිය කෝල් කරාම තමයි අදහගන්න බැරිවුනේ.එයා විවාහකයෙකු බව දන්නවනම් මේ සම්බන්ධෙ කවදාවත් අරඹන්නෙ නෑ.

සැකකාර මධුරංග මේ මිනීමැරුම් කර තරුණිය හා විවාහවීමට ඉතා සියුම් ආකාරයට සියල්ල සැලසුම් කර තිඛෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිඛෙනවා. තමා අඩුවයසක් පෙන්වූයේ ඇය තමාට 34 ක් බව දැනගත්තොත් අකැමති වේයයි සිතා බව ඔහු කියා තිඛෙනවා. කළුතර නිවසක් කුලියට ගෙන එහි දෙමාපියන් වේශයෙන් පෙනී සිටින දෙදෙනෙකු කුලියට රඳවා තරුණියගේ පාර්ශවය රැවටීමටද ඔහු සැලසුමක් ක්‍රියාත්මක කර තිබුණ බව පොලිසියට අනාවරණය කළා. පැය 16 කට අධික කාලයක් පොලිස් ප්‍රශ්න කිරීම් වලට මුහුණදී කිසිවක් හෙළි නොකළ නමුත් අවසාන පැය කිහිපයේදී ඔහු සියල්ල පොලිසියට කියා සිටි බව වාර්තා වනවා.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී සිරකූඩුවේ සිටි ඔහුට එහි සිටි අනෙක් සිරකරුවන් විසින් පහරදෙනු ලැබීමේ සිද්ධියක්ද වාර්තා වුණා.දරු දෙදෙනෙකු හා බිරියක මරාදැමූ බව කියමින් අනෙක් සිරකරුවන් මොහුගේ අමානුෂික ක්‍රියාකාරකමට පාඩමක් උගන්වා තුවාල සිදු කර තිඛෙන අතර අනතුරුව පොලිසිය මැදිහත්වී ඔහුව වෙනත් කූඩුවකට දැමූ බවද වාර්තා වුණා.

සැකකරු පිළිබඳ වැඩිදුර විභාගය අධිකරණයේදී ලබන ජනවාරි 01 වනදා යළි සලකා බලන්නට නියමිතය.


 -සබැදිපුවත්-
1.මව හා දරු දෙදෙන ගින්නට බිලි

Gossip Lanka Hot News Previous News Archive