රතු වැස්ස නිසා ගොයම් රත් පැහැ වී මැරී යයි !

සෙවණගල ප‍්‍රදේශයට පසුගිය දා ඇද හැළුණු රතු වැස්සෙන් අනතුරුව එම ප‍්‍රදේශයෙහි කුඹුරුවල ගොයම් රත් පැහැ වී මැරී යන බව ගොවීහු පවසති.

එලෙස තණමල්විල, සෙවණගල, හම්බන්තොට, මොනරාගල ආශි‍්‍රත කුඹුරු අක්කර 2500 කට අධික ප‍්‍රමාණයක මේ තත්ත්වය පැතිර යන බවත් ගොයම් ගසේ මුල සිට ගස රත්පැහැ වී මළානික වී මැරී යන බවත් එම ගොවීන් සඳහන් කරයි.

ගොයම් ගසේ ඉහළ කොළය කුණු වී හැළෙන බවද මෙම රෝගී තත්ත්වය පාලනය සඳහා විවිධ කෘමිනාශක භාවිත කළ ද මේ වන තෙක් තත්ත්වය අඩු වී නැති බව ද ගොවීහු පවසති.


ප‍්‍රදේශයට ඇදහැළුණු රතු වැස්සෙහි පැවති දිලීරයක් මේ තත්ත්වයට බලපෑවේද එසේ නැතිනම් මේ සඳහා භාවිත කළ පොහොරවල බලපෑමක් ඇතිද යන්න පිළිබඳ පරීක්ෂණ බවත්වන බව වලවේ ව්‍යාපාරයේ නේවාසික ව්‍යාපෘති කළ මනාකාර අසංග ගුණතිලක මහතා පැවසීය.

කෙසේ වුව ද මේ වන විට සිදු කළ අධ්‍යයනවලින් පොහොරවල බලපෑමක් පවතින බව හෙළි වී නැති බවත් ජල සාම්පල් පරීක්ෂාවට භාජනය කෙරෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. සෙවණගල, මොනරාගල, හම්බන්තොට වැනි ප‍්‍රදේශයන්හි පවතින මේ තත්ත්වය විශාල වශයෙන් පැතිර යාමට මත්තෙන් පාලනය කිරීමට ගතයුතු සියලූම කි‍්‍රයාමාර්ග ගන්නා බවත් ගුණතිලක මහතා සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive