අද රාත‍්‍රියේ උල්කාපාත වර්ෂාවක් අද්භූත ආලෝක ධාරාවක් යැයි බිය නොවන්න

ජෙමිනිස්ට් උල්කාපාත වර්ෂාව අද රාත‍්‍රියේ දැක බලාගත හැකි බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. අළුයම 2.00 ට පමණ එම උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව දැකගත හැකි අතර උල්කාපාත 50 කට වැඩි ප‍්‍රමාණයක් දර්ශණය වනු ඇතැයි විශ්වාස කරන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යාවකාශ තොරතුරු අංශ ප‍්‍රධානී සරාජ් ගුණසේකර මහතා පවසයි.


මෙම උල්කාපාත වර්ෂාව හේතුවෙන් ඉහළ අහසේ ඇතැම් ආලෝක ධාරා දැකිය හැකි අතර එය ඇතැම් පුද්ගලයන් මිත්‍යා මත පැතිරවීමට යොදාගනු ඇතැයිද ගුණසේකර මහතා සඳහන් කරයි.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ජනතාව ඉකුත් දින කිහිපයේදී දුටු බව කියන අද්භූත එළි සහ වස්තූ ස්වභාවික සංසිද්ධියක් මත සිදුවු ඒවා පමණක් බව බි‍්‍රතාන්‍ය බකිම්හැම් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා මධ්‍යස්ථාන කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා පවසනවා. දිවයිනෙන් අද පස්වරුවේ පිටත්ව යාමට පෙර  සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මෙම අදහස් පළ කළා.බි‍්‍රතාන්‍ය බකිම්හැම් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා මධ්‍යස්ථාන කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා මෙරටට පැමිණියේ ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශයෙන් දිස්වු අද්භූත එළි සහ රතු වැස්ස සම්බන්ධයෙන් පරික්‍ෂණ පැවැත්වීම සඳහායි.





Gossip Lanka Hot News Previous News Archive