රතුපාට වැස්ස වඳුරඹට පෙදෙස් කිහිපයකට

ගාල්ල වඳුරඹ පෙදෙස් කිහිපයකට අද (17) මිනිත්තු 15ක් පමණ ලා රතුපාටට හුරු වැසි වැටුණු බව වාර්තා වේ.

මේ අතර, මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලට පවත්නා දැඩි වර්ෂාපතනය ඉදිරි පැය 24 තුළද පැවැතියහොත් එම ප්‍රදේශවල නායයාම්, ගල් පෙරළීම් වැනි ආපදා සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි ද්‍රව්‍ය පර්යේෂණ සංවිධානය පැවසීය.

එම ප්‍රදේශවල වෙසෙන ජනතාවට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ඔවුන් දන්වා සිටී.


මාතලේ ප්‍රදේශයේ සිදුවු පොළොව කිඳා බැසීම් තත්ත්වයක් නිසා අවුරුදු 16 ක ගැහැණු ළමයෙකු මියගොස් ඇයගේ මව තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එසේම දින හතරක වැස්සෙන් මාතලේ හඳුන්ගමුව ලග්ගල, බකමූණේ බොහෝ පෙදෙස් යටවී ඇති බවද වාර්තා වේ.

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ලග්ගල, විල්ගමුවේ ගගසිරිගම, හෙට්ටිපොල, පේරකනත්ත ආදී ගම්මාන රැසක් අඩි හතරක් පමණ ජලයෙන් යට වී ඇතැයි පැවසේ.
අඹන් ගග පිටාර ගැලීම නිසා බකමූණ නගරය අඩි තුනක් පමණ ජලයෙන් යටවී ඇතැයි ද වාර්තා වේ.

හදුන්ගමුව-හෙට්ටිපොල මාර්ගයේ එළවානා කන්ද නාය යාම හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය ද, දින තුනක සිට විසන්ධි වී ඇතැයි පැවසේ.

විල්ගමුවේ ජලයෙන් යටවී ගම්වල ජනතාවට විල්ගමු පොලීසිය සහන සලසයි.

Gossip Lanka Hot News Previous News Archive