![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLLbk5d7wb0Z5esEeQOd7oAANtCWExu74LkYr9A5KuKE4VmAKnXDWjpmquhmmw-UZmRJpUn2Vd2P7xBVxcNBefnSQwQzHqU-xn_nojA_cVG93tG7PrmlN_bE5CJ46s-RgBQ7lRzy2Bw-xr/s200/9401355794737Main_Pic.jpg)
රාත්‍රියේ මෙම කාමරයේ දැල් වූ ඉටිපන්දමකින් ඇඳ මෙට්ටයට ගිනි ඇවිලි එම මෙට්ටයේ දුමෙන් නැගුන කාබන්මොනොක්සයිඩ් ආඝ්‍රහනය වීමෙන් මෙම මරණ සිදුවන්නට ඇතැයි සැක කෙරුණද මෙම ත්‍රිත්ව මරණ මිනිමැරුම් බවට තහවුරු විය.
ඊයේ (18) පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේ අණාවරණය වූ පරිදි කාන්තාවගේ සහ ඇගේ වැඩිමහල් දරුවාගේ ගෙළ මිරිකා මරා දමා තිබේ.
මාස 01ක් වයසැති දරුවා මියගොස් ඇත්තේ ඇද මෙට්ටයට ගිනි තැබීමෙන් පසු හටගත් කාබන් මොනොක්සයිඩ් දුම ආඝ්‍රහනය වීමෙනි.
කෙසේවෙතත් සිද්ධියෙන් මරණයට පත්වූයේ මොරටුව කුමර විදුහලේ ගුරුවරියක වන පිහිඹියගේ සචේතනා සඳමාලි ප්‍රනාන්දු (31) සහ ඇගේ දරු දෙදෙනා වන විජයමුණි කුෂාන් සඳරු ද සිල්වා (03) සහ විජයමුණි කුෂාන් භානුක ද සිල්වා (මාස 01) යන මව සහ දරු දෙදෙනායි.