කළුතර වලල්ලාවිටට කහ වැස්සක් !

කළුතර වළල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප‍්‍රදේශයට කහ පැහැති වැස්සක් ඇදහැලී තිබෙන බව වාර්තාවේ. මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ ක්ෂේත‍්‍ර නිලධාරී ආනන්ද ජයනෙත්ති මහතා එබව සැලකර සිටියි.

තමන් විසින් රැස් කෙරුණු වැසි ජලයේද කහ පැහැය දිස්වන බවත්, දූවිලි අංශු වැනි කිසියම් කුඩක්ද එහි හඳුනාගත හැකි බවත් ඒ මහතා පැවසුවේය.

මේ අතර හොරණ ප‍්‍රදේශයට පෙරේදා දිනයේදී සුදු පැහැති වැස්සක් ඇදහැළුනු බව වාර්තාවේ.


ප‍්‍රදේශ බොහෝමයකින් රතු වැසිද ඇදහැළුණ අතර, මාතර කඹුරුපිටිය සහ ඇඹිලිපිටිය යන ප‍්‍රදේශවලට මාළු වැස්සක්ද ඇදහැළුණු බව මීට පෙර අනාවරණවිය.

Gossip Lanka Hot News Previous News Archive