කවුරුත් නොදැකපු ගලක් කවඩි ඇල්ල ගම්මානයේ නිවසක මිදුල

කෝමාරීක ගොවි ජනපදයේ කවඩිඇල්ල ගම්මානයේ නිවසක මිදුලකට ඊයේ (15 දා) සවස 2. 00 ට පමණ නාඳුනන හුණු ගල් කැටයක්‌ වැනි වස්‌තුවක්‌ පතිත වී ඇත.
මීගහකිවුල කවඩිඇල්ල ගම්මානයේ ඩී. එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසේ මිදුලේ වැටී තිබී මෙම නාඳුනන වස්‌තුව හමුවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. හුණු ගලකට සමාන හැඩයකින් යුත් මෙම ගල් කැටය අහසින් කඩා වැටුණු උල්කාපාත කොටසක්‌ යෑයි ප්‍රදේශයේ ජනතාව සැක කරති. ග්‍රෑම් 750 ක පමණ බරින් යුතු මෙම නාඳුනන වස්‌තුව ලා කලු පැහැයට හුරු දුඹුරු පැහැයකින්a යුතු අතර එහි මතුපිට රළු බවක්‌ දක්‌නට ඇත .

මදක්‌ පිළිස්‌සුණූ ගතියකින් යුත් මෙය අතින් ඇල්ලු විට අතේ රිදී පැහැති කුඩක්‌ ඉතිරිවන බව මීගහකිවුල ප්‍රදේශයේ සිට මෙම ගල බලන්නට පැමිණි ආර්. එම්. aප්‍රේමතිලක මහතා පැවැසීය. මෙම නාදුනන වස්‌තුව හමුවූ නිවසේ පදිංචි දරුවෙකු වන ඩී. එම්. චාමර මධුසංක මෙසේ කීය.
මේ අපූරු ගල් කැටේ අපේ අම්මට හම්බ වුණේ ඊයේ හවස දෙකට විතර මිදුලට යද්දි. මෙතන්ට මේක කවුරුත් ගෙනත් දාපු එකක්‌ නෙමෙයි. මේක බලන හැමෝම කියන්නේ මේක අහසින් මෙතන්ට වැටෙන්න ඇති කියලයි. ගල් ගැන හොදට දන්න කෙනෙකුත් කීව මේව ගෙ දෙයක්‌ මීට පෙර දැකල නැහැ කියල.


Gossip Lanka Hot News Previous News Archive