රත්මලාන ගොළුමඩමේ ත්‍රිත්ව ඝාතකයා සල්ලාලයෙක් !

රත්මලාන ගොළුමඩම හන්දිය අසල නිවසක්‌ තුළ වේල්ස්‌ කුමරි විද්‍යාලයේ ගුරුවරිය සහ තුන් හැවිරිදි දරුවා ඝාතනය කර පුළුස්‌සා දමා ඇත්තේ මියගිය ගුරුවරියගේ සැමියා බවත්, ඔහුට පුත්තලම ප්‍රදේශයේ තරුණියක සමග අනියම් ඇසුරක්‌ පැවැති බවත්, නිතරම සම්භාහන මධ්‍යස්‌ථානවල පහස ලැබූ අයකු බවත් පොලිස් ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ.මෙම ඝාතනයට අදාළ සියලු කරුණු ගල්කිස්‌ස පොලිසිය විසින් ඊයේ (19 ) අනාවරණය කරගෙන තිබේ.

රත්මලානේදී බිරිය සහ දරුවන් දෙදෙනා මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇඟලුම් සමාගම් සහකාර කළමනාකරු මාසයක් තිස්සේ එම ඝාතනය සැලසුම් කර ඇතැයි එම ‍පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.



සැකකාර සහකාර කළමනාකරු මාසයකට පමණ ඉහතදී පෞද්ගලික ආයතනයක සේවය කරන විසි හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් අතිකරගෙන තිබි ඇති අතර ඇයව විවාහකර ගැනීමේ අරමුණින් මෙම ඝාතනය කරන්නට ඇතැයි ‍පොලීසිය සැකකරයි.

සිය බිරිය වෙනත් පුද්ගලයෙක් සමග ඇසුරක් ඇති බවට චෝදනාවක් මෙම සැකකරු එල්ලකර ඇතත්, ඒ බවක් විමර්ශනවලින් හෙළි නොවන බව ‍පොලීසිය කියයි.

සිද්ධිය වූදා (17 ) රාත්‍රි 12.00 ට පමණ තමාට අනියම් ඇසුරක්‌ තිබෙන බව පවසමින් බිරිඳ බැණ වැදීම නිසා ඇයට පහරදී ගෙල සිරකර මරා දැමූ බවද සැකකරු පොලිසියට පවසා ඇත. එම අවස්‌ථාවේ තුන් හැවිරිදි දරුවා ඇඳෙන් නැගිට ආච්චි අම්මාගේ නම කියාගෙන කාමරයෙන් පිටතට යැමට උත්සාහ කළ නිසා දරුවාගේද ගෙල සිරකර මරා ඇඳ මත තැබූ බවද ඔහු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

මළ සිරුරු ගිනි තබන්නට ඔහු කල්තියා සැලසුම්කර තිබි ඇතැයි පෙනී යන බවත් බිරිය සහ දරුවා මරා දැමීමෙන් පසු කාමරයේ තිබුණු සුවඳ විලවුන් බෝතලය ඔවුන්ගේ සිරුරුවලට විසිරුවා අනතුරුව මළසිරුරට ගිනි කූරක් දල්වා තිබෙන බවත් ‍පොලීසිය කියයි.

එහිදී ඉටිපන්දම දල්වා ඇත්තේ එය අනතුරක් බව පෙන්වීමට බවත් මළ සිරුරු දැවී අඟුරු වූ පසු අපරාධය වසන්කළ හැකි බව සැකකරු සිතා සිට ඇති බවත් ‍පොලීසිය කියයි.

මෙම ඝාතන සිදු කළ පුද්ගලයා නිවසේ නැන්දම්මා ලෙස පෙනී සිටි කාන්තාව විසින් දරුවන් නොමැතිකම නිසා අරන් හදාගත් අයකු බවද හෙළිවී ඇත.

ඔහු කුඩා කල අරන්හදා වඩා ගත්තද කොළඹ ප්‍රධාන පාසලකට යවා අධ්‍යාපනය ලබාදී තිබේ. සැකකරු ඒ සාමාර්ථ දෙකක්‌ සහ "බී" සාමාර්ථයක්‌ ලෙස උසස්‌ පෙළ ප්‍රතිඵල ලබා ඇත. නිවසේ නැන්දම්මා ලෙස කටයුතු කළ මව ගුරු උපදේශිකාවක ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින අතර ඇය හෝ වෙනත් කිසිවකු මෙම ඝාතනවලට කිසිදු සම්බන්ධයක්‌ තිබූ බවට හෙළිවී නැති බවත් පොලිසිය පවසයි.

පසුදා (18 දා) පෙරවරුවේ තම මව රූපවාහිනිය නැරඹීම සඳහා පැමිණ දරුවන් සිටින කාමරයට එබී දුමෙන් වැසී තිබෙනු දැක කෑ ගැසීම නිසා තමා උඩුමහලේ සිට දිව ඇවිත් ආධාර ඉල්ලා කෑ ගසා ගින්න නිවා දැමූ බවද ප්‍රශ්න කිරීමේදී ඔහු හෙළිකර ඇත.

බිරිඳගෙන් දික්‌කසාදය ලබා ගැනීමට අදහස්‌ කර තමන් සේවය කළ ඇඟලුම් ආයතනයෙන් සති දෙකකට පෙර ඉවත් වුවත් නීතිය හමුවේ පෙනී සිටීමට යැමෙන් තමාගේ තත්ත්වයට එය කැළලක්‌ විය හැකි නිසා එසේ නොකළ බවද වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී හෙතෙම හෙළිකර ඇත.

සැකකරුව ඊයේ (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‍පොලීසියේ ඉල්ලීම මත පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය අවසර දී ඇත.

 -සබැදිපුවත්-

Gossip Lanka Hot News Previous News Archive