මව හා දරු දෙදෙනා පිළිස්සී මිය ගිය කතාව මවා පෑමක් !

රත්මලාන, ගොලුමඩම හන්දියේ පිහිටි නිවසක කාමරය නිදා සිටියදී ගින්නට අසුවී පිළිස්සී මියගියේ යැයි කියන මවගේ සහ දරු දෙදෙනාගේ මරණ මිනිමැරුම් බව අනාවරණය වී තිබේ. මෙම දෙමහල් නිවසේ වායු සමීකරණය කරන ලද කාමරයක නිදා සිටියදී මව සහ දරු දෙදෙනා පිළිස්සී මියගොස් සිටි බව අනාවරණය වී ඇත්තේ ඊයෙ (17) අළුයම් කාලයේ දීය.

 මෙසේ මරණයට පත් වී ඇත්තේ මොරටුව කුමර විදුහලේ ගුරුවරියක වන පිහිඹියගේ සචේතනා සඳමාලි ප්‍රනාන්දු (31) සහ ඇගේ දරු දෙදෙනා වන විජයමුණි කුෂාන් සඳරු ද සිල්වා (03) සහ විජයමුණි කුෂාන් භානුක ද සිල්වා (මාස 01) යන මව සහ දරු දෙදෙනායි. රාත්‍රියේ මෙම කාමරයේ දැල් වූ ඉටිපන්දමකින් ඇඳ මෙට්ටයට ගිනි ඇවිලි එම මෙට්ටයේ දුමෙන් නැගුන කාබන්මොනොක්සයිඩ් ආඝ්‍රහනය වීමෙන් මෙම මරණ සිදුවන්නට ඇතැයි සැක කෙරුණද දැන් මෙම ත්‍රිත්ව මරණ මිනිමැරුම් බවට තහවුරු වී තිබේ.

 මව ද, එක් දරුවකු ද ගෙල සිර කිරීමෙන් ද, කුඩාම දරුවා ගින්නට හසුවීමෙන් ද  මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය වාර්තාව කියයි.

මෙම මව සහ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක නිදා ගන්නා විට ඇගේ සැමියා නිවසේ වෙනත් කාමරයකත් සැමියාගේ මව සහ ගෘහ සේවිකාව තවත් කාමරයකත් නිදා සිට ඇතැයි කියති. මෙම ත්‍රිත්ව මරණ සම්බන්ධයෙන් අද (18) පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙන්නේ සඳමාලිගේ සහ ඇගේ වැඩිමහල් දරුවාගේ ගෙළ මිරිකා මරා දමා ඇති බවයි.

මාස 01ක් වයසැති දරුවා මියගොස් ඇත්තේ ඇද මෙට්ටයට ගිනි තැබීමෙන් පසු හටගත් කාබන් මොනොක්සයිඩ් දුම ආඝ්‍රහනය වීමෙන් බව අනාවරණය වී ඇත. මෙම අපරාධය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මියගිය සඳමාලි මහත්මියගේ සැමියා, ඇගේ නැන්දම්මා සහ ගෘහ සේවිකාව පොලිස් භාරයට ගෙන ඇත.


Gossip Lanka Hot News Previous News Archive