විද්‍යා ප‍්‍රශ්ණ පත‍්‍රය පිටකල සම්පත් අත්තටගේ රිමාන්ඞ්

පසුගියදා අවසන් වූ 2012 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමට අදාළ සැකකරු වන සම්පත් අත්තටගේ නම් වූ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයා රිමාණ්ඩ් බාරයට පත්කර ඇතැයි වාර්තාවේ.

අද (22) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඒ සම්බන්ධයෙන් වූ විභාගයේදී ලබන 28 දින දක්වා අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.

මෙහිදී සම්පත් අත්තටගේ නම් සැකකරු රිමාණ්ඩ් බාරයට ගෙනයන අවස්ථාවේ රහස් පොලීසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරියා සැකකරුට අතට අතදී ආචාර කරගත් බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

Gossip Lanka Hot News Previous News Archive