කිඹුල් වැහි මාළු වැහි ඇතිවුණේ “දියගොබවලා” නිසයි- ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හිටපු කාලගුණ අධ්‍යක්ෂ කේ. ආර්. අභයසිංහ
මේ දිනවල අපේ රටට වැඩිපුර සුළං හමන්නේ තරංග ආකාරයෙන් නැගෙනහිරින්. ඒ අනුව ඒ තරංග තිබෙන ප්‍රදේශවල පොළොවට කිලෝමීටර් 3 - 4 ක් උඩින් විශාල කැටි වලාකුළු ඇති වෙනවා. ඒ සමඟම ඒ ප්‍රදේශවල අඩු පීඩිත ප්‍රදේශත් ඇති වෙනවා. ඒ වලාකුළු හා අඩු පීඩන ප්‍රදේශ වර්ග කිලෝමීටර් 200 විතර ප්‍රදේශයක වුවත් පැතිර යන්න පුළුවන්. ඒ අඩු පීඩන ප්‍රදේශවල ටොනේඩෝ හා දියගොබවලා ඇතිවෙන්න ඉඩ තිබෙනවා. ඒ තත්ත්වය මේ දිනවල නිතර ඇති වෙනවා.
පසුගියදා මඩකළපුවේ ගෙවල් 17 ක් කැඩුණේ මෙවැනි ටොනේඩෝවක් නිසා. ටොනේඩෝවක් යනු විෂ්කම්භය මීටර් 50 - 100 අතර වූ විවෘතව කැරකැවෙන සැඩ සුළඟක් සහිත විශාල සුළං ධාරිතාවක්.
සැඩ සුළං ප්‍රවාහ සහ මද පීඩනය හේතු කොටගෙන ඉතා විශාල වූ ද අධික බරින් යුක්ත වූ ද ගහකොළ ගොඩනැගිලි පියසි යාන වාහන යන දැ පවා ඔසවා ඈතට ගෙන යාමට සමත් වීම ටොනේඩෝවක අවසාන ප්‍රතිඵලයයි.
විශාල කැටි වැහි වලාකුළකදී ඇතිවෙන ටොනේඩෝවක ආයුෂ විනාඩි 30 ට වඩා අඩුය. ඒත් කරන විපත දරුණුයි. ටොනේඩෝවක මධ්‍යය ඔස්සේ පවතින අඩු පීඩනඩබ්ලිව්. එස්. දමයන්තිය නිසා පෘථිවි තලයේ සිට දූවිලි කොළ රොඩු කඩදාසි වැනි සැහැල්ලු ද්‍රව්‍ය පහසුවෙන් ඉහළට යාමක් සිදු වෙනවා. බොහෝ විට මෙය ඇත් හොඬක් හෝ පුනිලයක් ලෙස දිස්වන හෙයින් ටොනේඩෝ උත්පාදනය කළ වලාකුළක් පුනිල වලාකුළක් ලෙස පෙනෙනවා.
මේ ටොනේඩෝවක් දරුණු ලෙස ඇතිවූ විට ගෙවල්වල පියසි ගෙවල් රථ වාහන ආදිය පවා ඉහළට ඇදි යන්න පුළුවන්. පුංචි සුළි සුළඟක් ඇතිවූවායි සමහර විට කියන්නේ මේ අවස්ථාවට. මේ ටොනේඩෝවක් ජලාශයක ඇතිවුවහොත් එය දියගොබවලාවක් බවට පත් වෙනවා. දියගොබවලාව පොළොවේ සිට කිලෝමීටර් 4 - 5 ක් ඉහළට යනවා. එවිට ඒ අඩු පීඩන ප්‍රදේශයට ජලය සමඟ ජලයේ තිබෙන මාළු හා වෙනත් සතුන් ඇදීයන්න පුළුවන්. ඒ අනුව ඒ වැව්, ගංගා, හා මුහුදු ජල ප්‍රදේශවල මාළු සිටියේනම් ඒ මාළු ඉහළට යනවා.
ඒ අයුරින් ජලයේ ඉන්න කිඹුලු පැටවුන්, ඊට වඩා විශාල මාළු පවා ඉහළට යන්න පුළුවන්. මේ පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශවලට මාළු වැහි හා කිඹුල් පැටවෙක් වැටුණේ දියගොබවලා ඒ ප්‍රදේශවල ඇතිවීම නිසා බව කියන්න පුළුවන්. මෙවැනි සිදුවීම් මීට පෙරත් වාර්තා වුණා. ලෝකේ විවිධ රටවල්වලත් මේ සිදුවීම් අතීතයේ සිටම වාර්තා වී තිබෙනවා.
මේ කිඹුල් පැටවා පුංචි එකෙක් ඒ නිසා නිල්වලා ගඟෙන් දියගොබවලාවක් මඟින් ඉහළට ගිහින් ඒ වලාව තව කිලෝමීටර් 5 - 6 ක් සුල්තානාගොඩ ප්‍රදේශයට පැමින වැස්සක් ලෙස වැටීම නිසා මේ කිඹුල් පැටවා වැටෙන්න පුළුවන්.
කිඹුල් පැටියෙක් වැසි අතරින් බිමට
මේ දිනවල රතු වැසි, මාළු වැසි, කූනිස්සො වැසි පිළිබඳව සමාජයේ කතිකාවකට අලුතින්ම එකතු වී ඇත්තේ කිඹුල් වැස්සයි.පසුගිය දින (18 දා) රාත්‍රී කාලයේ සුල්තානාගොඩ, කැකිල්ල ප්‍රදේශයට වැසි සමඟ කිඹුල් පැටියෙකු පොළොවට පතිත වීමත් සමඟ කිඹුල් වැසි පිළිබඳ කථාව කරළියට පැමිණ ඇත.
මෙය විශ්මයජනක සිදුවීමක් වන අතර මෙම කිඹුල් පැටියා අඟල් 16 ක් පමණ දිග සති හතරක් (04) පමණ වයසැති යැයි සිතිය හැකි හැල කිඹුල් පැටියකු බව දැක ගැනීමට ලැබුණි.
කිඹුල් පැටියා වැටී තිබුණු ස්ථානය ගැන සොයා බැලීමේදී එම ස්ථානය හිස් අවකාශයක් පැවති බැවින් මෙම සිද්ධිය සත්‍ය බවට ප්‍රදේශවාසීහු අනාවරණය කරති.
පියතිස්ස කිඹුල් පැටියා පෙන්නුම් කරන ආකාරය |
සුල්තානාගොඩ, කැකිල්ල ප්‍රදේශයේ කුරුඳු තළන්නෙකු වන කේ. පියතිස්ස මහතා මෙසේ පවසයි.
මෙදින මම කුරුඳු තැළීමේ කටයුතු නිමකොට රාත්‍රී එකොළහට පමණ ආසන්නයේ තිබු ළිඳට ඇඟ සෝදා ගැනීමට පැමිණි අවස්ථාවේ වර්ෂාවත් සමඟ මා සිටි ස්ථානයෙන් අඩි පහක් පමණ දුරින් යමක් බිමට වැටෙන ශබ්දයක් ඇසුණා.
එම අවස්ථාවේදී මගේ ළඟ තිබු ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වා බලන විට සතෙක් දඟලනවා දැක්කා. එය හොඳින් පරීක්ෂා කර බලන විට මෙය කිඹුල් පැටියෙක් බව හඳුනා ගත්තා.
කිඹුලා වැටි තිබු ස්ථානය ගස්කොළන් නැති හිස් අවකාශයක් ඇති තැනක් බව දුටුවා. ඒ අනුව මෙම කිඹුල් පැටියා වැස්සත් සමඟ බිමට පතිත වූ බව මට හොඳටම විශ්වාසයි.
කිඹුල් පැටියා වැටුණේ රෑ එකොළහට මහ වැස්සත් එක්ක
වැලිගම ප්‍රා. ලේකම් කාර්යාලයේ සේවය කළ විශ්‍රාමික පරිපාලන නිලධාරී ඩී. පියසේන මහතා, මෙදින රාත්‍රී එකොළහට පමණ පියතිස්ස කෑගසමින් “කිඹුලෙක් වැටිලා මෙහොට එන්න කියා” අඬ ගැසුවා.
මේ අවස්ථාවේදී ධාරාණිපාත වැස්සක් ද ඇද හැලුණා. මම එම ස්ථානයට ගොස් සොයා බලන විට දඟලමින් සිටින කිඹුල් පැටවෙකු දැක්කා. මම වටපිට පරීක්ෂාකර බැලුවා. කිඹුල් පැටවෙකු මෙතනට එන්නට කිසිම විදියක් නැහැ.
අපේ ගම අවට කිඹුලෙකු ජීවත්වන වැවක් තබා ඇළක්වත් නැහැ. මීට කලින් අපේ ගමේ කිඹුලෙකු ඉන්නව දැකලත් නැහැ.
මේ අබුද්දස්ස කාලෙ සිද්ධ වන දේවල් අනුව මේකත් කිඹුල් වැස්සක පෙරනිමිත්තක් වගේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම ප්‍රාදේශීය ලේකම්වරයාට හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් දැනුම්වත් කර සිටි අතර මේ වන විට එම කිඹුල් පැටියා ආරක්ෂිතව තබා ඇති බව ද පියසේන මහතා පවසයි.
උපුටා ගැනීම- සිළුමිණ
-සබැදි
පුවත්-