නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගය නැවත පැවැත්විය යුතුයි

නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේ ප‍්‍රශ්නපත‍්‍රය පරිවර්තනය කිරීමේදී හා ලකුණු දීමේදී යම් අක‍්‍රමිකතාවයක් වී ඇතැයි සැකසහිත නිසා ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුකර අසාධාරණයට පත්ව ඇති සිසුන් වෙනුවෙන් සාධාරණත්වය ඉටු කරන ලෙස මෙවර නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයට පෙනී සිටි මුස්ලිම් ජාතික රමිසි බාවා සිසුවා ඉල්ලා සිටියි.
මධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහහු මෙසේද කීය.

‘මම විභාගයට පෙනී සිටියේ සිංහල භාෂාවෙන්. පැහැදිලිවම අසාධාරණයක් වී තිබෙන බව පෙනෙනවා.

වත්මන් අධිකරණ අමාත්‍යවරයා අධිකරණ ක්ෂේත‍්‍රයේ සිය පටු ජාතිවාදී වුවමනාවන් සඳහා යොදා ගනිමින් රට අඳුරු යුගයකට ගෙන යාමට උත්සාහ දරමින් සිටිනවා.



ලංකාවේ පවතින තරඟකාරී විභාගයක් වන මෙම විභාගයට පෙනී සිටීමට සමහරු සිය රැුකියාවෙන් ඉවත් වෙනවා. විභාගය කල් දානවා. මෙවර විභාගයට පෙනීසිටි සිසුන් අතරින් 6764ක් සිංහල මාධ්‍යයෙන් පෙනී සිටියා. එය ප‍්‍රතිශතයක් ලෙස 90.5% ක්. දෙමළ මාධ්‍යයෙන් 380ක් පෙනී සිටියා. එය ප‍්‍රතිශතයක් ලෙස 5.2% ක්.

එහෙත් විභාගයෙන් සමත් වූ සිසුන් 309 දෙනා අතරින් සමත් වූ සිංහල මාධ්‍ය සිසුන් ගණන 191ක්. ප‍්‍රතිශතයක් ලෙස එය 2.82%ක්. දෙමළ මාධ්‍ය සිසුන් ගණන 78ක්. ප‍්‍රතිශතයක් ලෙස 25%. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් අසාමාන්‍ය බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා.

මේ ආකාරයට පටු ජාතිවාදී අරමුණු ඔස්සේ තේරීපත් වන සිසුන් අනාගතයේ විනිශ්චයාසනවලට පත් වූ විට කෙබඳු තීන්දු දේවිද කිව නොහැකියි. අපි මෙය සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා. ප‍්‍රශ්න පත‍්‍ර නැවත පරීක්‍ෂණයකට ලක් කරන ලෙසත් විභාගය නැවත පැවැත්විය යුතු බවත්, අප කියා සිටිනවා’
 

-සබැදි පුවත්- 

Gossip Lanka Hot News Previous News Archive