රවුෆ් හකීම් නීති විද්‍යාලය මුස්ලිම්කරණය කරලා

රවුෆ් හකීම් මහතා අධිකරණ ඇමැතිවරයා වශයෙන් පත්වූ පසු 2011 හා 2012 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් වන මුස්‌ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩිවීමක්‌ සිදුවී ඇතැයි ජාතික විද්වත් සභාවේ සාමාජික නීතිඥ යලිත් විමලසුරේන්ද්‍ර මහතා පැවැසීය.
කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සම්මන්ත්‍රණ ශාලාවේදී ජාතික විද්වත් සභාව පෙරේදා (19 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් කියා සිටියේය.
ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය.
නීතියේ න්‍යායන් අතර තිබෙනව කොතැන හෝ අයුක්‌තියක්‌ තිබේ නම් සමස්‌ථයම අයුක්‌තියට ලක්‌වන බව. අප දක්‌වන්නේ මුස්‌ලිම් විරෝධයක්‌ නොවේ. විභාගයෙන් සමත් වූ සියලු දෙනා සිංහල වුණා නම් එයත් වැරදියි.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය හුදෙක්‌ සරල දෙයක්‌ නොවේ. ඉතාම තරගකාරීයි. වසරකට විසිදහසක්‌ (20000) පමණ ඉල්ලුම් කරන හත්දාහක (7000) ට ආසන්න සංඛ්‍යාවකට සාමාන්‍යයෙන් විභාගයට පෙනී සිටීමට ලැබෙනා දෙසිය විසිහපක්‌ (225) පමණ උපාධිය හැදැරීමට බඳවා ගන්නා ඉතාම තරගකාරී තත්ත්වයක්‌.
නීතිඥ වෘත්තීය උසස්‌ රැකියාවක්‌ ලෙස සැලකෙනවා. විශාල ආදායමක්‌ ඔවුන්ට උපයන්න පුළුවන්. මේ අනුව එම නීතිඥ සාමාජිකයා නියෝජනය කරන පවුල් සමාජයේ ඉහළට පැමිණෙනවා. තම නිලය, බලය හා ධනය යොදවලා පටු ජාතිවාදී වැඩපිළිවෙළක්‌ නීති ප්‍රවේශ විභාගයට යොදනව නම් ඉතා බරපතල තත්ත්වයක්‌. යුක්‌තියේ ක්‍රියාවලිය කඩා වැටෙනවා. නුසුදුස්‌සන් පත්වෙනවා.
ඇතැම් අය රැකියාවලින් ඉවත් වී මේ විභාගයට පෙනී සිටින්නේ. මොනරාගල හා ත්‍රිකුණාමලය වැනි ඈත පළාත්වලින් කොළඹට පැමිණ අධ්‍යාපන කටයුතුකර මෙම විභාගයට ඇතැම් අය මුහුණ දෙන්නෙ.2004 වර්ෂයේදී අංක 491 දරන ප්‍රකාශයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේදී අගවිනිසුරුවරිය දන්වා තිබෙනවා. යුක්‌ති සහගතව හා නිරවුල්ව නීති ප්‍රවේශ විභාගය පවත්වන ලෙස යනුවෙන් විමලසුරේන්ද්‍ර මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
ජාතික විද්වත් සභාවේ සභික නීතිඥ ප්‍රියදර්ශන ගමගේ මහතා අදහස්‌ පළ කරමින් මෙසේ කියා සිටියේය.2011 නීති ප්‍රවේශ විභාග ප්‍රතිඵල අස්‌වාභාවිකයි. විභාග අංකය අපහැදිලි වන ආකාරයට සංකේත අංකයක්‌ එකතුකර තිබෙනවා. අප සංකේත අංක ඉවත්කර ගවේෂනය කළා. එක ළඟ විභාග අංක තියෙන මුස්‌ලිම් ළමයි විසි දෙනෙක්‌ සමත්වී තිබෙනවා. සහෝදරයෝ දෙදෙනෙක්‌ නීති විභාග ප්‍රවේශ විභාගයෙන් සමත් වුණොත් නීති විද්‍යාලය ඒ පිළිබඳ විශේෂ සමීක්‍ෂණයක්‌ කරන්නේ යෑයි ඒ මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.
නීති ප්‍රවේශ විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් වූ ශිෂ්‍යයකු වූ රම්සි බාඩා මහතා අදහස්‌ දක්‌වමින් මෙසේ කියා සිටියේය.අප සිංහල ජනතාව සමග සංහිඳියාවෙන් කටයුතු කරනවා. රවුෆ් හකීම් ඇමැතිවරයා ජාතිවාදී අඳුරු තත්ත්වයකට රට රැගෙන යනවා. අක්‍රමිකතා සිදුකොට නීතිඥයන් වන ඇතැම් අය විනිසුරුවරුන් ලෙස පත්වේවි. ඔවුන් කොහොම යුක්‌තිය ඉටුකරයිද?
අප මේ අක්‍රමිකතාවයට විරෝධය දක්‌වමින් පෙත්සමක්‌ සකස්‌ කොට මේ සඳහා විරෝධය දක්‌වන අයගේ අත්සන් ලබාගෙන රජයට ඉදිරිපත් කරනවා. උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ ගෙන යාමටත් සැලසුම්කර තිබෙනවා. දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. සංවිධානයක්‌ පිහිටුවා මෙම අක්‍රමිකතාවයට එරෙහිව අඛණ්‌ඩව කටයුතු කරනවා.
නැවත විභාගය පවත්වන ලෙස අප ඉල්ලා සිටිනවා. රහස්‌ පොලිස්‌ පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතුයි. ප්‍රශ්නපත්‍ර කලින් පිටවීමක්‌ සිදුවූයේද යන්න හා උත්තර පත්‍ර සඳහා ලකුණු දීමේදී මේ අක්‍රමිකතාවය සිදුවුණාදැයි සොයා බැලිය යුතුයි.
ඒ මහතා විසින් 2011 හා 2012 වසරවලට අදාළ නීති ප්‍රවේශ විභාගයේ දත්ත වාර්තාවක්‌ද ඉදිරිපත් කරන ලදී. නීතිඥ සමුදු හේවගේ මහතාද මෙහිදී අදහස්‌ දැක්‌වීය.

භාෂා මාධ්‍ය පෙනී සිටි ශිෂ්‍ය සමත් වූ ශිෂ්‍ය

- සංඛ්‍යාව සංඛ්‍යාව

             2011   2012  2011  2012

දෙමළ   606      390    73      78
(51 මුස්‌ලිම්) (මුස්‌ලිම්)


සිංහල    5011    6764   133   191

තෝරාගත් වසර     සම්පූර්ණ ගණන     තෝරාගත් මුස්‌ලිම් සිසුන් ගණන


 2003      208       05

2004       212       03

2005      269      07

2006      249      09

2007      247      04

2008      261       08

2009     242       14

2010     237       09

2011    238        51

2012    309       78

 

2012 වසරේ ප්‍රථම ස්‌ථාන 3 ම මුස්‌ලිම් ලබ්ධිකයන් වන අතර පළමු 10 දෙනාගෙන් 6 දෙනෙකුම මුස්‌ලිම් ලබ්ධිකයන්ය. පළමු ස්‌ථාන 50 න් 28 ක්‌ මුස්‌ලිම් ලබ්ධිකයන්ය.

නීති විද්‍යාල විභාගයට පෙනී සිටි මුස්ලිම් සිසුන්ගේ සමත්වීම ඉහළ අගයක් ගැනීම පිළිබඳව ප‍්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවුවත් ඒ ආකාරයටම මුස්ලිම් සිසුන් සමත් වී තිබෙන්නේ ඔවුන්ගේ දක්ෂතාවය නිසා බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. නීති විද්‍යාලයේ විභාගය පවත්වන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් බවත්, නීති විද්‍යාලය පාලනය කරන්නේ නීති අධ්‍යාපන උපදේශක බවද අමාත්‍යවරයා පවසා සිටියේය.මේ නිසා නීති විද්‍යාලයේ පවත්වන විභාගයට කිසිවෙකුටත් ඇඟිලි ගැසීම සිදුකළ නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.මීට අමතරව අමාත්‍යවරයා වශයෙන් මෙම ස්ථානයේ පවත්වාගෙන අධ්‍යාපන ප‍්‍රතිපත්ති විභාග, ප‍්‍රශ්න පත‍්‍ර සැකසීම වෙනුවෙන් කිසිදු සම්බන්ධයක් නොමැති බවද පවසා සිටියේය.

 




Gossip Lanka Hot News Previous News Archive