ජෙලි වැස්සක් වහී

බුලත්සිංහල ගෝවින්න විලපහල ප‍්‍රදේශයේ කුඹුරු යායකට ඊයේ පස්වරුවේ සුදු පැහැති ජෙලි වැනි ද්‍රව්‍යයක් අහසින් ඇද වැටී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ගෝවින්න ප‍්‍රදේශවාසීන් දැඩි විමතියට පත්ව සිටී.

ඊයේ දිනය පුරා පැවති මද වැසි තත්වයත් සමඟ මෙම ද්‍රව්‍ය වැටී තිබේ.

ප‍්‍රදේශයේ ස්ථාන තුනකට සුදු පැහැති කැටිති සහිත ද්‍රාවණයක් වැටී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බුලත්සිංහල පොලීසිය කියයි.


මේ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට අදාල ආයතනවලට දැනුම් දෙන බවද පොලීසිය සඳහන් කරයි.

මේ අතර ඊයේ දිනයේ දිවයිනේ ගාල්ල, මාතර, වඳුරඹ, පැල්මඩුල්ල ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට රතු වැසි ඇද වැටී ඇති අතර කඹුරුපිටිය, අකුරැස්‌ස ප්‍රදේශයට වර්ෂාව සමඟ මාළුද පතිත වී තිබේ.

Gossip Lanka Hot News Previous News Archive