"ආසනික් කියන්නේ ලෝකයේ තිබෙන ඉතා උග්‍ර විසක්"
රටේ විවිධ පැතිවලට අත්භූත ආලෝක ධාරා පහත් වෙයි. ඒවා දකින ජනතාව තමන්ගේ අත්වල තිබෙන ජංගම දුරකථනවලින් ආලෝකධාරා රූපගත කරයි. පුවත්පත්, විද්‍යුත් මාධ්‍යවලට ඒවා යොමු කරයි. පුවත්පත්, විද්‍යුත් මාධ්‍යවලත් ඒවා පළ වෙයි.
මේ පිළිබඳ විවිධ මත පළ වන අතර ඒ මතවලින් බොහෝ විට ප්‍රකාශ වන්නේ මෙම ආලෝක ධාරා ගැන ඒ තරම් කලබල විය යුතු නැති බවයි. මේ අතරේ රතුවැසි ඇද වැටේ. ඒ රතු වැස්ස ගැන ද පරික්ෂණ සිදු කෙරේ. ඒ ගැනත් මත පළවෙයි. කොහොම වුණත් මට නම් පෙනෙන්නේ මෙම සිද්ධින් ගැන දැඩි අවධානයක් තවම රජය පැත්තෙන් යොමු වී නැති බවයි.අපේ රටට මොන හෙන ගෙඩියක් පහත් වුණත් ඒ ගැන සැහැල්ලුවෙන් හිතන්න පුරුදු වී සිටීම තමයි ඊට හේතුව. මේ අතරේ අම්පාර පැත්තේ අද්භූත ශබ්ද නැගෙන බව කියති. හිටගෙන ඉන්න මිනිසුන්ගේ සිරුරු වෙව්ලා ගිය බවත් පවසති. ඒ පළාත්වල සමහර ගෙවල්වල බිත්ති පුපුරා ගොස් තිබෙන අන්දම මම දැක්කේ රූපවාහිනී ප්‍රවෘත්ති වලින්.
මේ ගිඟුරුම් ශබ්ද නැගෙන්නේ පොළොවෙන් යැයි එහි ජනතාව කියති. මිනිසුන්ට දැනෙන හැටි එහෙමයි. ඒත් නිසි පරික්ෂණ මේ සම්බන්ධයෙන් සිදු වෙනවාද කියන්න නම් අමාරුයි. හැම විස්තරයක්ම පළ වෙන්නේ පුවත්පත්, රූපවාහිනී සහ විද්‍යුත් මාධ්‍යවලයි. ඒවා දකින වගකිවයුතු ආයතන සහ වගකිවයුතු පුද්ගලයින් පවසන්නේ එකිනෙකට පරස්පර අදහස්ය. මේ වගේ හිටිහැටියේ පහත්වන අද්භූත ආලෝක ධාරා, රතු වැසි සහ ගිගුරුම් ශබ්ද ගැන සොයා බලා සත්‍ය පවසන්න කිසිම කෙනෙක් ඉදිරිපත් නොවීම බොහෝම භයානක තත්වයක්. අපි හිතමු මෙහෙම.
පෙළොවෙන් නැගෙන බිහිසුණු ශබ්ද මහා භූමි කම්පාවක පෙරනිමිත්තක්. පොළොව හෙල්ලිලා රණ්දෙණිගල, වික්ටෝරියා, මාදුරු ඔය වගේ දැවැන්ත ජලාශවල වේලි කඩා ගෙන ගියොත් සිද්ධ වෙන දේ හිතා ගන්නවත් බැහැ. එහෙම විපතක් කිසිදා අපේ රටට නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. මේ විදිහට ඉහළ කඳු මුදුන්වල තිබෙන දැවැන්ත පර්වත පොළවට පෙරලී ආවොත් සිද්ධ වෙන විනාශය ඉතා බිහිසුණුයි. මේවා මෙසේ සිදු නොවුණත් අපේ රටේ වගකිව යුතු තැන් කල්පනා කරන්න ඕනේ ජීවිත ආරක්ෂාව උපරිමයෙන් තබා ගන්න. නමුත් එහෙම දෙයක් ගැන අසන්නවත් නැහැ.
හැම දෙයක්ම කරන්න පටන් ගන්නේ ජීවිත විශාල ගණනක් මරු තුරුළට ගියාට පස්සේ. මේවා ස්වභාවික විපත් කියලා ඒ ගැන නොතකා ඉන්න එක තමයි වැරැද්ද. රතු වැස්ස ගැන රජරට විශ්ව විද්‍යාලයේ කඨිකාචාර්ය ආචාර්ය චන්න ජයසුමන මහතා ඉතා වැදගත් ප්‍රකාශ කිහිපයක් පළ කර තිබෙනවා. මේ රතු වැස්සේ ආසනික් සහ රිදී යන ලෝහ දෙක අන්තර්ගත වෙලා තිබෙන බව කියන්නේ කාර්මික තාක්ෂණික ආයතනය සිදු කළ පරික්ෂණයකින් පස්සේ.
ආසනික් කියන්නේ ලෝකයේ තිබෙන ඉතා උග්‍ර විසක්. මෙයින් අංශු මාත්‍රයක් හරි ශරීරගත වුණොත් උග්‍ර පිළිකා හැදෙනවා. පානීය ජලය හෝ ආහාරවලට මෙය මුසු වුණොත් සෞඛ්‍ය අවධානම වැඩියි.
චන්න ජයසුමන මහතා කියන විදියට මේ රතු වැස්සේ ජෛව රසායනයක් තිබෙනවා.
ඇමරිකාව පසුගිය වසරේ ජෛව රසායනික අවියක් පිළිබඳ කළ පරික්ෂණයක් සම්බන්ධයෙන් තොරුතුරු ලැබී තිබෙන බවයි ජයසුමන මහතා කියන්නේ. ඒ කණ්ඩායම ශ්‍රී ලංකාවට ඇවිල්ල රටේ තැනින් තැනට ගිහින් මෙම අවිය පිළිබඳ කළ පරීක්ෂණයක ප්‍රතිථලයකින් රතු වැස්ස ඇද හැලුණාද කියන සැකය ජයසුමන මහතා මතු කරනවා. ඔහු එහෙම අදහසක් සාක්ෂි සමඟ හෙළි කරන්නේ රට ගැන ආදරයක් තිබෙන නිසා. පසුගිය කාලයේ සමහර පළාත්වල තිබෙන පාසල්වල ඉගෙන ගන්න ළමුන්ට ආසාධන ඇති වූණා. ඇඟ කසන්න පටන් ගත්තා. දරුවන් රෝහල් ගත කරන්නත් සිද්ධ වූණා.
ජයසුමන මහතා සැක පහළ කරනවා ඒ ආසාධනය ඇති වූණේ රතු වැස්ස නිසාද කියල. ක්ෂුද්‍ර ජීවීන් පිරිසක් යොදා ගෙන විෂ සහිත සංයෝග නිපදවන්න තිබෙන හැකියාව පිළිබඳ පරීක්ෂණ ඇමරිකාව හෝ වෙනත් රටක් විසින් සිදු කරයි නම් එහි ප්‍රතිඵලය දැන ගන්න ඔවුන් එන්නේ ශ්‍රී ලංකාව වැනි රටවලට. මොකද ඔවුන් දන්වා අපේ රටේ ඕනෑම මගුලක් කරන්න උන්ට නිදහස තිබෙන බව. ආසනික් වැනි උග්‍ර විෂක් ජලයේ තිබෙන්න බැහැ.
ඒ නිසා සැකයක් ඇති වෙනවා මේක කිසියම් පිරිසකගේ වැඩක් බවට. මේ අතරේ බ්‍රිතාන්‍යයේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා මධ්‍යස්ථාන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියන්නේ රතු වැසි ස්වභාවික සංසිද්ධියක් මත සිදු වුවක් විය හැකි බවයි. ලංකාවට ඇවිත් පරීක්ෂණ කිහිපයක් කරලා, එහෙම කියලා ඒ මහත්මයා නැවත එංගලන්තයට ගියා.
නමුත් ජයසුමන මහතා ගේ තර්ක ඉතා ප්‍රබලයි. ඒ වගේම ඔහු ජීවත් වන්නේ මේ රටේ අපේ මිනිස්සුන් එක්ක. ඒ නිසා රතු වැස්සට ආසනික් ආවේ කොහොමද කියන ප්‍රශ්නයට උත්තරයක් රටට ඕන කරනවා. ඒ වගේම අද්භූත ආලෝකධාරා, ගිගුරුම්වලට හේතුව දැන ගන්න රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. වැනෙන උත්තර වැඩක් නැහැ. මොකද අන්තිමට අවාසනාවන්ත ප්‍රතිඵලය කඩා වැටෙන්නේ එදා වේල හොයා ගන්න ජීවිත ගමනේ යෙදෙන දුප්පතුන්ගේ හිස් මතට නිසා.
උපුටා
ගැනීම-ලක්බිම