වර්ෂාවත් සමග ඉස්සන් බිමට පතිතවීමේ පුවතක් තිස්සමහාරාමය - යෝධකන්ඩිය ප්‍රදේශයෙන් අද (19) වාර්තාවී ඇත.
තිස්සමහාරාම - යෝධකන්ඩිය පුරාණ නාග මහා විහාරස්ථානය ප්‍රදේශයට අද පෙරවරුවේ ප්‍රදේශයට ඇද හැලූනු වර්ෂාවත් සමග මෙම ඉස්සන් වැස්ස වාර්තා වූ බව එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඇතුලූ ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
පසුගිය 17 දා පස්වරුවේදී රුහුණු විශ්වවිද්‍යාලයේ කඹුරුපිටිය - මාපලානේ පිහිටි කෘෂි විද්‍යාපීඨ පරිශ්‍රයට වැසි සමග හුංගා සහ ලූලා යන මසුන් පතිත වී තිබිණ.