![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjm0akyK8wIIJngC8gmp6vP1ZP6Xe4W2fR15VKG855jk-xGh2Lot5I_ZS-TdQ84Nc9Z7Db3PjFQf7vFy_8Qgx7YZeDg-0TZZZ9LDMaj8RmWdw3yT_6fDlT1tTP1NBunnDjlD8-fNx7KTqUP/s320/nai4.jpg)
ඇය මහනුවර දන්තුරේ දිළිඳු පවුලක ඉපදී පියා බේබද්දෙකුව සිට නිවසින් ගිය පසු මවද පිටරටකට ඇය හැරදා ගිය පසු තමා යටතේ කුඩා ලෑලි ගෙදරක හැදී වැඩුණු බව ඇගේ සීයා විසින් ප්‍රකාශ කරනවා. මාධ්‍ය අමතමින් ඉන්දියාවේ මවක් ගැන හා ඉරාන පියෙක් ගැන ඇය පවසන කරුණුත් ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් බව හා දේවාලයකින් ලබාගත් නයි පැටවෙකු ගැන කියන කරුණුත් මුළුමණින්ම ඇය ගෙතූ කතා බව ඇය වාසය කළ ප්‍රදේශයේ පිරිස් හා ඇගේ සීයා විසින් තහවුරු කර ප්‍රකාශ කරනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhE1Kh2Cfkiey-5pQABJjjD4b2WQMwt6JIIsjRgOsyF9ytUZ7k7GKO8VSYrZIpLc2XuQHzWR1_OAawO0xVRe_5r_h9pxx7HnElZcTtRO25oWKuzDXOoVkz9ez0Hlvu_2-b-dS6FXxZhnL_d/s320/nayadilani.jpg)
රාත්‍රී සමාජ ශාලාවේදී ඇය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග නයෙකු සමග සිටින නළඟනනකගේ ඇති විශේෂත්වය මත ඇය ගැන විවිධ තොරතුරු මෙතෙක් කල් මාධ්‍යවල පළවූ නමුත් ඒ සියල්ල ඇය ලබාදුන් තෙරතුරු මිස හරිහැටි සොයා බලා පළකරන ලද ඒවා නොවන බවද වාර්තා වනවා.
ඇය සේවය කළ ජිනා මැඩම්ගේ පුතුගේ ක්ලියෝපැට්රා සමාජ ශාලාවටද මේ මගින් අනියම් ප්‍රචාරයක් ලැඛෙන නිසා ඇයගේ නඩු හබ වලටද ඔවුන් වියදම් කර තිබූ අතර ඈ ගැන වැඩිපුර තොරතුරු මාධ්‍යවල පළකරන්නටද නොපැකිළව ඔවුන් අවසර ලබාදී තිබුණා. නයි නළඟන කී බොරු ගැන මේ හෙළිදරව්ව ඊයේ ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් ප්‍රචාරය කළ අයුරු පහතින්.
සබැදි පුවත් 1 කොල්ලුපිටියේ ක්ලබ් එකේ නයි නළඟන කියන අමුතු කතාව
2 නාග නළඟන නයා ඉල්ලයි, ඉහළ උසාවියටත් යන බව කියයි
3 නයි කෙල්ල නයා එක්කන් යයි
4. මගේ පෙම්වතා නයා දුටු විට පැන දුවනවා