පිටවූ ප්‍රශ්නවලට යළි විභාග නෑ - O/L 2012 Paper Leak

පිටවූ ප්‍රශ්න 19ටම සියලුම සිසුන්ට ලකුණු

අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව තහවුරු වී ඇතත්, නැවත වරක් විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. පුද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් විසින් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දහ නවයක් සම්මන්ත්‍රණයකදී දී ඇති අතර එම ප්‍රශ්න සඳහා සියලුම සිසුන්ට ලකුණු දීමට අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව ලකුණු දහ නමයක් සිසුන්ට හිමිවේ.
මේ ආකාරයට සියලුම සිසුන්ට ලකුණු දීම නිසා නැවත වරක් විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
විද්‍යාව ප්‍රශ්නපත්‍රය සඳහා ලකුණු දහනමයක් ලැබිම නිසා මෙවර විභාගයේදී විද්‍යාව විෂය සමත්වීමේ ප්‍රතිශතයද ඉහළ යනු ඇත.

විභාගයක් පැවැත්වීමට සතියකට පෙර සියලුම උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර සූදානම් වූ නමුත්, නොයෙක් විරෝධතා මත එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. මේ ආකාරයට උපකාරක පංති හා සම්මන්ත්‍රණ විභාගයට සතියකට පෙර තහනම් කිරීමේ නීතිය ගෙන ඒම සඳහා මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය නැවත වරක් යොමුව ඇත.




-සබැදි පුවත්- 

1. විභාගෙට කලින් විද්‍යාව ගණිතය ප්‍රශ්න පත්‍ර රුපියල් 8000 ට විකුණලා ලූ.
2.විද්‍යාව-ගණිතය පමණක් නොව ඉතිහාසය-බුද්ධාගම ප්‍රශ්න පත්තරත් කලින් පිට වෙලා.
3.විද්‍යා ප‍්‍රශ්ණ පත‍්‍රය පිටකල සම්පත් අත්තටගේ රිමාන්ඞ්.

Gossip Lanka Hot News Previous News Archive