පසුගියදා පළවුණ මවුබිම පුවත්පතේ අතිරේකයකට යුරෙනි නොෂිකාගේ ජායාරූප ගැනීමට ගිය ජායාරුප ශිල්පියෙකු ඇගේ ෆොටෝ 500ක් පමණ ගෙන එයින් වඩාත් හිරි ඔතප් බිඳෙන ජායාරූපයම පිටුවක් පුරා පළ කලැයි ඇය විසින් පුවත්පත් කාර්යාලයකට ගොස් ගෝරනාඩු කර තිබුණා.
අනතුරුව ඒ පිළිබඳ තොරතුරු හෙළිකල සාකච්ජාවකි මේ.
එහෙම ෆොටෝ එක්කට යුරෙනි පෙනී හිටියේ නෑ කියලද?
නෑ එහෙම නෙවෙයි. මම තමයි ඒ ඉන්නේ. අපේ ෆොටෝග්‍රැෆර්ස්ලා අපිට වඩා මොඩලින් දන්නවා. අපිට ෆෝස් කරන්න දෙන්නේ නෑ.
එයාලා තමයි අරහෙට හැරෙන්න මෙහෙට හැරෙන්න කියන්නේ. අපි ගොඩක් වෙලාවට කොණ්ඩය ගැනයි මේකප් ගැනයි විතරයි හිතන්නේ.ඒ තුලින් ජායාරූප ශිල්පියා පහත් මානසික මට්ටම හරහා මේ වගේ ෆොටෝස් ගන්නවා. එහෙම කකුලක් අනවශ්‍ය විදිහට පේන්වා නම් ඒක එයාට කියන්න තිබුණා. මම දන්නේ නෑ පත්තරේ බලනකල් මේ ෆොටෝ එක පලවෙලා කියලවත්. සමහරවිට පත්තරේ විකුණගන්න මාකටිං පොයින්ට් එකක් විදිහට යූස් කළාද දන්නෙත් නෑ.
කොහොම වුනත් මීට පස්සේ පත්තරේට ෆොටෝස් දෙන එක ගැන නැවත හිතන්න වෙනවා. මොකද කිසිම පත්තරේකට ෆොටෝස් වලට ඉන්න විශ්වාසය නැතිවෙලා තියෙන්නේ.
යුරෙනි හිතන විදිහට, යුරෙනි ෆීල්ඩ් එකේ මොන ලෙවල් එකකද ඉන්නේ?
අනේ මං නම් ලොකු නිළියක් නෙවෙයි. ඒත් ආත්මගරුත්වය රැකගත්ත නිළියක්. හැමෝම දන්න නිළියක්. මගේ ෆේස්බුක් එකේ රසිකයෝ 81,000ක් ඉන්නවා. ඒ අය මට පර්සනල් මැසේජ් එවල තිබුණා ඇයි මෙහෙම එකකට හිටියේ කියළා.මම ජාත්‍යන්තර ෆොටෝග්‍රැෆර්ස්ලා එක්කත් වැඩකරලා තියනවා. අනික වැදගත්ම කාරනේ මේ ෆොටෝ එකේ කිසිම කලාත්මක බවක් නැහැ. පිටරට නිරූපන ශිල්පිනියෝ නිරුවතින්, අඩනිරුවතින් ෆොටෝස් ගහලා තියනවා. ඒත් ඒවා හරිම කලාත්මකයි.