50 Kg කණිෂ්ඨ බර ඉසිලීමෙන් ලොව දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට

කිලෝ ග්‍රෑම් 50 බර පන්තියේ අන්තර්ජාතික කණිෂ්ඨ බර ඉසිලීමේ ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සමත්ව සිටි.

ඔහු කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විදුහලේ ඉගෙනුම ලබන 17හැවිරිදි ශෂික ඒකනායක අන්තර්ජාතික තරග බිමේ දැක්වූ දක්ෂතා මත ලොව හොදම කණිෂ්ඨ ක්‍රීඩකයින් අතර දෙවැනි ස්ථානයට පත්විය.

ඔහුට වඩා කිලෝ ග්‍රෑම් 4ක් ඉදිරියෙන් පසුවන අසර්බයිජාන් ක්‍රීඩක වලේ බක්ෂාලිසාඩා එහි පළමු ස්ථානයට පත්ව සිටී.

ශෂික කිලෝ ග්‍රෑම් 50 බර පන්තියෙන් තරග වදින අතර, ජාත්‍යන්තර මට්ටමින් ශෂික පසුගිය වසරේ කිලෝ ග්‍රෑම් 200ක සමස්ත බරක් ඔසවමින් ඔහුගේ හොදම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේය.


නිමාවූ ආසියානු කණ්ෂඨ බර ඉසිලීමේ තරගාවලියේදී ශෂික ඒකනායක රන් පදක්කමක් ද දිනා ගත්තේය.

ඔහු ස්නෙච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 87ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 113ක් ඔසවා තිබේ.

2011 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය කණිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේදී රන් පදක්කම දිනාගත් ශෂික, ක්ලීන් ඇන්ඩ්ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 107ක බරක් ඔසවමින් නව වාර්තාවක්ද පිහිටවනු ලැබිණි.

මේ අතර පසුගිය නොවැම්බර් මාසයේදි මියන්මාර්හීදිී පැවැති ආසියානු කණිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 50 බර පන්තියේ රන් පදක්කමක් ද ඔහු දිනා ගත්තේය.

මේ වනවිට ශෂික ඒකනායක එම බර පන්තියේ ලංකා වාර්තා තුනකට ද හිමිකම් කියනු ලැබේ.

Gossip Lanka Hot News Previous News Archive