අනාගත සැමියන් ගැන දිනක්ෂි ප්‍රියසාද්, ශලනි තාරකා හා තිසුරි යුවනිකා දැක්වූ අදහස්

මෑත කාලයේ අපේ කලා ලෝකයේ කලාකාරියන් කිහිපදෙනෙකුම පතිකුලයට ගියා. සුදුසු සහකරුවකු සොයාගෙන පතිකුලයට යාම ඕනෑම යුවතියකගේ සිහිනයක්. කවදා හෝ තමන්ගේ ජීවන සහකරුවා වන කොනා මෙන්න මේ වගේ විය යුතුයි කියන අදහස ඕනෑම යුවතියකට තියෙනවා. කලා ලොවේ කිහිප දෙනෙකු  ඔවුන්ගේ  අනාගත සහකරුවා වන කෙනා ගැන අදහස් දක්වා ඇත්තේ  මේ විදියට.
    "මගෙ හිත ඇදිල යන ප්‍රියමනාප පෙණුමක් තිබුණම මට ඇති -Dinakshie Priyasad  "

මම මුල්තැන දෙන්නේ උගත්කමට. උගත්කම එක්ක ආපු සංයමයක් ඔහු තුළ තිබිය යුතුයි. කෑකෝ ගහලා නටලා දඟලන චරිතවලට මම වැඩි කැමැත්තක් නැහැ. හැබැයි ඉතින් නිහඬ චරිතයක් කියන්නේ ගුප්ත චරිතයක් නොවෙයි. තැන්පත් නිහඬ කෙනෙක් වුවත් හොඳ සමාජ සබඳතා තියෙන ප්‍රියමනාප අයකු විය යුතුයි.
 කලාව, ව්‍යාපාර වැනි ක්‍ෂේත්‍රවලට වඩා යම්කිසි වෘත්තියක නිරතවන අයකුට නම් මම කැමතියි. ඒ වගේම ඒ ක්‍ෂේත්‍රය තුළ එයා ඉන්න තැන ඉඳල ඉහළම තැනට යන්න අවශ්‍ය උගත්කම, දක්ෂතාව, කැපවීම එයා තුළ තියනවා නම් මම ගොඩක් කැමතියි. හින්දි සිනමා නළුවකු වගේ රුවින් අග තැන්පත් විය යුතු නැහැ. මගෙ හිත ඇදිල යන ප්‍රියමනාප පෙණුමක් තිබුණම මට ඇති.



" සුදු අයට මම කැමති නෑ- Shalani Tharaka"

සිරස කුමරිය ලෙස තේරී පත්වීමෙන් පසු නිළියක් ලෙස කලා ලෝකයට පැමිණි ශලනි තාරකා ඩාන්සින් ස්ටාර් තරඟයේදී කැපී පෙනෙන නර්තනයක යෙදුනා.
පසුව නලු නිළි යුවළගේ බාල පුතු වන සංකේත් අභිලාෂ් වික්‍රමගේ හා ශලිනි තාරකා පිළිබඳව පසුගිය කාලයේ කටකතා පැතිර තිබුණා.

කෙසේ වුවද ශලනි තාරකාගේ අනාගත සහකරුවා කෙබඳු අයෙකු විය යුතුද යන්න ඇය පවසා තිබෙනවා.


ඒ අනුව සුදු අයට අකමැති බවයි ඇය පවසන්නේ.

මම එච්චර උස නැති හින්දා උස අය ගැන පුංචි විශේෂත්වයක් මගේ හිතේ තිබුණා. ඒ වගේම සුදු අයට මම කැමති නැහැ. ඒ හින්දා මගේ හිතේ ඇඳුණු රූපයක් තිබුණා. හැබැයි ඉතින් නව යොවුන් වයසේදී ඒ විදියේ රූප හිතේ තිබුණට කාලයත් එක්ක ඒවා වෙනස් වෙනවා. ඊට පස්සෙ මුල්තැන දෙන්නෙ ගතිගුණවලටයි එයාගෙ පසුබිමටයි. මට ටිකක් කේන්ති යන හින්දා මට ගැළපෙන්නේ ඉවසීම තියෙන කෙනෙක්.

ඒ වගේම කලාව ගැන අවබෝධයක් තිබිය යුතුයි. ගොඩක් අය කලාව දිහා, නිළියන් දිහා වපර ඇසින් බලනවා. විවාහයෙන් පසුව මම දිගටම කලා ක්‍ෂේත්‍රයේ හිටියත් නැතත් මම නිළියක් ලෙස ක්‍ෂේත්‍රයේ හිටි කෙනෙක්. ඒ නිසා මමත් අනාගත සහකරු වන කෙනාට කලාව ගැන, කලා ලෝකය ගැන බොහොම හොඳ අවබෝධයක් තිබිය යුතුයි. කලාව තුළ රැඳුන කෙනෙක්ද වෙනත් ක්‍ෂේත්‍රයක ඉන්න කෙනෙක්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. ස්ථාවර මට්ටමක සිටිය යුතුයි. මම කියන්නේ මහ ලොකු සල්ලි ගොඩක් තිබෙන කෙනකු විය යුතුයි කියලා නම් නමෛයි. මාව ජීවත් කරන්න හැකි මට්ටමක හිටියම ඇති.






"සහකරු කලාවට සම්බන්ධ කෙනෙක් නම් වන්නේ නැහැ -Thisuri Yuwanika
"
අනාගත සහකරු ගැන හිතේ ඇඳුණු රූපයක් නම් මට නැහැ. ඒ විදියට හැඩරුව ගැන රූපයක් මවාගන්න එක බොළඳ දෙයක් විදිහටයි මම දකින්නේ. අපි හිතන ගතිගුණ සුදුසුකම් අපි හිතන රූපයක් තුළ පිහිටන්න විදියක් නැහැනේ. මම හොයන සුදුසුකම් තියනවා නම් එයා සාමාන්‍ය ප්‍රියමනාප පෙනුමක් තියෙන කෙනෙක් වුවොත් ඇති. මගේ අම්මගෙයි තාත්තගෙයි රැකවරණය ආදරය තුළයි මම හැදෙන්නේ. ඒ අය මට නිදහස දෙනවා. නමුත් නිතරම පිටුපස ඉඳන් මා ගැන සොයා බලනවා.


 මගේ සැමියා වන කෙනාගෙනුත් මම බලා‍පොරොත්තු වන්නේ ඒ විදියට මාව බලාගන්න පුළුවන් වැරදි පෙන්නලා දෙන්න පුළුවන් කෙනෙකුව. ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම උගත් කෙනෙක් විය යුතුයි. මොනක්‍ෂේත්‍රය තුළ නිරත වුණත් ඒක්‍ෂේත්‍රය ගැන වගේම සමාජය ගැනත් අවබෝධයක් උගත්කමක් තිබිය යුතුයි. හැබැයි මගේ අනාගත සහකරු කලාවට සම්බන්ධ කෙනෙක් නම් වන්නේ නැහැ.








උපුටා ගැනීම - ලක්බිම පුවත් 

Gossip Lanka Hot News Previous News Archive