![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVDamH1tFJkkltMVdd6nzEALyIri2FD0f2aGlCTScXOHsnp2m7aKjRjJg1TC_adtmUJM9XlfprWhhyphenhyphen1hnLywLv7YwfmIowtdTMtNp_Kj2xMpGaVWbfcJYtAhI2FD8MBR8QOQM3dk04RkXg/s400/index.jpg)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරගෙන යන පරීක්ෂණ අනුව අනාවරණය වන්නේ දෙමළ මාධ්‍ය සිසුන් සඳහා පවත්වාගෙන ගිය වැල්ලවත්ත ප්‍රදේශයේ බාහිර උපකාරක පන්තියකදී විභාගයට පෙර එම ප්‍රශ්න පත්‍රය ලබාදී ඇති බවය. එම පන්තියේ සිටි සිසු සිසුවියන් වැඩි ප්‍රමාණයක් මුස්ලිම් ජාතිකයින් බවද අනාවරණය වනවා.
ඒ අනුව පොලිසිය සොයාගෙන තිබෙන්නේ මෙම ප්‍රශ්න පත්‍රයේ ලකුණුදීමේ පටිපාටියේදී නොව ප්‍රශ්න පත්‍රය ලබාදෙන්නට පෙර වකවානුවේ අදාළ වංචාව සිදුව ඇති බවයි.
ප්‍රශ්න පත්‍රයම කලින් ලැබීම නිසා ඔවුන් විභාගයට හොඳින් සූදානම් වන්නට හැකියාවක් ඇති බවටත් ඒ අනුව දිවයිනෙන්ම වැඩිම ප්‍රතිඵල ඇතුළු වැඩිම සමත් ප්‍රතිශතයක් ලබාගන්නට එම සිසුන්ට හැකියාව ලැබී ඇති බවත් වාර්තා වනවා.
මේ ආකාරයේ පරීක්ෂණයක් සිදු කර විභාග වංචාවන් පිළිබඳ සොයාබලන්නට පොලිසිය පෙළැඹුනේ පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් අසාධාරණයට ලක්වූවන් සිදු කළ උද්ඝෝෂණ හා අධිකරණ ක්‍රියාමාර්ගවලට යාමේ සිදුවීම් නිසාය.
මෙම පොලිස් පරීක්ෂණවල අවසන් අනාවරණය තවම සිදු කර නොමැති අතර ඒ අනුව පසුගිය වසරේ විභාග ප්‍රතිඵලයම අවලංගුවේද වංචනික සිසුන්ගේ ප්‍රතිඵල අවලංගුවේද නැතහොත් කිසිවක්ම සිදු නොවේද යන්න ගැන පැහැදිලිතාවයක් නැත.
-සබැදි පුවත්-
1. විභාගෙට කලින් විද්‍යාව ගණිතය ප්‍රශ්න පත්‍ර රුපියල් 8000 ට විකුණලා ලූ.
2.විද්‍යාව-ගණිතය පමණක් නොව ඉතිහාසය-බුද්ධාගම ප්‍රශ්න පත්තරත් කලින් පිට වෙලා.
3.විද්‍යා ප‍්‍රශ්ණ පත‍්‍රය පිටකල සම්පත් අත්තටගේ රිමාන්ඞ්.
4. පිටවූ ප්‍රශ්නවලට යළි විභාග නෑ - O/L 2012 Paper Leak
5.නීති විදුහල මුස්ලිම්කරණය කිරීමේ උත්සාහයක්
6.රවුෆ් හකීම් නීති විද්‍යාලය මුස්ලිම්කරණය කරලා
7. නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගය නැවත පැවැත්විය යුතුයි