ළිඳකින් රතු වර්ණයෙන් යුත් වතුර මතුවෙයි ! Red Water Well At Ampara

අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිකගොඩ හඳහන්දෙණිය දොළෙහි ජලය පසුගිය දෙසැම්බර් 7 වනදා සිට රතු පැහැයට හැරී තිබු අතර රත්නපුර, බටුගෙදර පරණ පාරේ පිහිටි නිවසක ළිඳකින් රතු වර්ණයෙන් වතුර මතුවීමක්‌ පිළිබඳ පුවතකුත් පසුගිය 13 දා වාර්තා වුණා.

මේ අතර අම්පාර අඩාලච්චෙන සින්නපාලමුනේ ප්‍රදේශයේ ලිඳක වතුර සම්පූර්ණයෙන්ම රතු පාට වී තිබෙනවා. එය බැලීමට මේ වනවිට විශාල පිරිසක් එක් රොක් වෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ.


මෙම වතුර ප්‍රයෝජනයට නොගන්නා ලෙසයි එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා උපදෙස්දී තිබෙන අතර එහි ජල සාම්පල් වැඩිදුර පරීක්ෂණයට යොමුකිරීමට ඔහු පියවර ගෙන තිබෙනවා.

එම ලිඳේ ජලය රතුපාට විම පිළිබන්ද වීඩියෝවක් පහතින්.




-සබැදි පුවත්- 

1.හඳහන්දෙණිය දොළක වතුර රතු වෙයි 

Gossip Lanka Hot News Previous News Archive