එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහේෂ් සමග පැවති විවාහය බිඳී ගියත් මේ වනවිට තවදුරටත් තනිකඩව සිටීමේ අදහස අත්හැර තිබෙනවා.
මෙවර සතිඅන්ත පුවත්පතක් විසින් ඔවුන්ගේ වගතුග මේ විදියට පළකර තිබුනා.
උපේක්ෂාත් අකලංකත් පෙම්වතුන් ලෙසින්පසුගිය වර්ෂයේ එකතු වුණා. කවදාද ඒ පෙම්වත් රැඟුමන් පේ්රක්ෂකයින්ට දකින්න ලැබෙන්නේ ?
උපේක්ෂා- සින්ඩේරල්ලා චිත්‍රපටය තිරගත වන තුරු තමයි අපිත් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ. අපිිත් තවම හරියට දිනයක් දන්නේ නැහැ. එහි අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මිය තමයි ඒ ගැන හරියටම දන්නේ. හරිම ආසාවෙන් මමත් බලාගෙන ඉන්නවා. මම ඒ චිත්‍රපටයේ භූමිකාවලට කොයි විදිහටද සාධාරණයක් කළේ කියලා බලන්න
අකලංක - මගේ පළමු චිත්‍රපටය සහ රගපෑම නිසා සිතේ පුංචි තිගැස්මක් තියනවා. ඒ තිගැස්ම කුතුහලය මගේ සිතින් නැති වෙන්නේ චිත්‍රපටය නැරඹු දවසටයි. ඇත්තටම කිව්වොත් චිත්‍රපටය තිරගත වන දිනය හෝ මාසය කියන තුරු මමත් බලාගෙන ඉන්නවා
චිත්‍රපටයේ චරිතවලට හඩ කවන මොහොතේ ඔබ දෙදෙනාගේ ඇස් වලට කදුළු ඉනුවා කියලත් ආරංචියි?
උපේක්ෂා - අවසාන දර්ශන වල මම හිටියේ නැහැ. එහි අවසානයේ තමයි හුගක් දුක හිතෙන දර්ශන තිබුණේ. මම දුක්වුණු මගේ ඇස් වලට පවා කදුළු ඉනුව එක් දර්ශනයක් තිබුණා. නමුත් මට ඒක කියන්න බැහැ. පේ්රක්ෂකයින්ට භාරයි චිත්‍රපටය බලලා එය රස විදින්න. කෙටියෙන් කිව්වොත් මම ඩබින් වලදී දැක්කේ මම රගපෑ දර්ශන විතරයි. ඒ දැක්ක දර්ශන ටිකෙන් මම පුදුමයට පත් වුණා. එය නිම කරන්න කොයිතරම් අපූර්ව දේවල් කරලා තියනවද කියලා. ඇත්තම කිව්වොත් මමත් එහි රසය අත්වින්දා.
අකලංක - එක අවස්ථාවක් තිබුණා මම අතීතය ගැන මතක් කරන සීන් එකක්. එහි දෙබස් කවන මොහොතේ මගේ ඇස් වලින් කදුළු ආවා. හරිම හැගුම් බර අවස්ථාවක් අධ්‍යක්ෂිකාව වගේම ඒ අවට හිටිය අනෙක් හැමෝම එ් අවස්ථාවේ හුගක් අඩලා තිබුණා. එහෙම වුණේ තරිතයට මම කාවැදිලා හිටිය හින්දා වෙන්න ඇති.
චිත්‍රපටය රූගත කරන කාලේ උපේක්ෂා අකලංක චිත්‍රපටයට විතරක් පේ‍්‍රමය සීමා කරගෙන හිටියේ නැහැ කියලා රාවයක් පැතිරුණා. ඇත්තටම දෙන්නා පේ්රමවන්තයින්ද ?
ඔය කියන විදිහට අපි අතරේ පේ‍්‍රමයක් නැහැ. නමුත් අපි අතරේ හොද මිත්‍ර සම්බන්ධයත් තියනවා. මම රංගනයෙන් එක් වුණු කාලය තුළ රංගන ශිල්පියෙක්ව මේ තරම් සමීපව ආශ්‍රය කරලා නැහැ. එහෙම රංගන ශිල්පියෙක්ව සමීපව ආශ්‍රය කළේ අකලංක එක්ක විතරයි. අනික් අයට නැති විනයක් එයාට තියන නිසා මට ඔහු සමීපයි. ඒ වගේම ඕනෑම ප්‍රශ්නයකදී අකලංක මට ඇහුම්කන් සීලා තියනවා. ඒ දේවල් එකකයි ඔහු මට සමීප.
අකලංක එවැනි රාවයක් පැතිරීම ගැන මොනවද කියන්න තියෙන්නේ ?
ලංකාවේ නිර්මාණය වෙන ටෙලි නාට්‍යයක වේවා , චිත්‍රපටයක වේවා ඒ චරිත දෙක ජනප්‍රිය වෙනකොට ඔය වගේ කතා හැදෙන එක සාමාන්‍ය දෙයක්. සින්ඩේරල්ලා තිරගත වෙන්න කලින් එවැනි ප්‍රතිචාර ලැබීම සතුටක් කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. ඔය වගේ රාවයක් පැතිරෙනවා කියලා මට දැණුනා. නමුත් අපි ළගින් ආශ්‍රය කරන අය දන්නවා අපි දෙන්නා ගැන.
එහෙම නම් පට බැදුණේ හා ඔබ දෙදෙනා ගැන වැඩිපුර සමාජය කතා කරන්න ගන්නේ උපේක්ෂා ඒ කාලේ තනිකඩව හිටපු නිසාද ?
චිත්‍රපටය රූගත කරන කාලේ මම විවාහය කියන බැදීමෙන් ඉවත් වෙලයි හිටියේ. ඒකත් එක හේතුවක් වෙන්න ඇති එහෙම නැත්නම් චිත්‍රපටය නිසා බොහෝ අය අපි පෙම්වතුන් කියලත් හිතන්න ඇති.
අකංලක 2012 අවසානයට පෙර විවාහ වෙනවා කිව්වා. විවාහය වචන වලට විතරක් සීමා වුණේ ඇයි ?
එහෙම බලාපොරොත්තුවක් තිබුණා .ඒත් දැන් නම් මම විවාහ වෙන කාලයක් කියන්නේ නැහැ. විවාහයට කලින් ඉටුකර ගන්න බලාපොරොත්තු හුගක් තියනවා. ඒ බලාපොරොත්තු යික ඉටුකර ගන්න තමයි මේ දවස් වල මම මහන්සි වෙන්නේ. කොහොම නමුත් මගේ විවාහය හොරෙන් වෙන්නේ නැහැ කියන එක නම් කියන්න ඕන.
උපේක්ෂා ආයෙමත් විවාහ වෙනවද ?
මගේ පළමු විවාහයේ දික්කසාදය තවම ලැබුණේ නැහැ. ඉතිං නැවත විවාහ වීමේ බලාපොරොත්තුවක් නැහැ කියන්න බැහැ. මනුස්සයෙක් ජීවත්වෙන්නේ මුදල් පසනම් කරගෙනම විතරක් නෙමෙයි. ජීවත්විමේ බලාපොරොත්තුව ඇති කරන්න ආදරය ,විවාහය අත්‍යවශ්‍යයි. මට ගැළපෙන කෙනෙක් ලැබුණොත් මමත් ආදරය කරයි , විවාහ වෙයි.
එයා කොයි වගේ කෙනෙක් වෙන්නඕනෙද ?
අකලංක වගේ කෙනෙක්. ඒ වගේම මට ගැළපෙන කෙනෙක් වෙන්න ඕනේ. මම කැමති කෙනාට අම්මගේ ආශිර්වාදයත් හිමි වෙන්නඕනේ. පළමු විවාහයට මගේ අම්මගේ ආශිර්වාදය හිමි වුණේ නැහැ. විවාහය දෙදෙරන්න ඒකත් එක හේතුවක් වෙන්න ඕනේ.
අකලංක ගනේගම කියන නම මුලින්ම මිනිසුන්ගේ කණ වැකුණේ ක්‍රිකට් ක්‍රීඩකයකු විදිහටයි. ඔබත් එක්ක ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වුණු අය තවමත් ජාත්‍යන්තර තලය නියෝජනය කරද්දී ඔබට මොකද වුණේ ?
මම තවමත් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ක්‍රීඩා සමාජ වලට . ජාතික කණ්ඩායමේ නැති නිසයි මගේ නම ක්‍රිකට් නම් ලැයිස්තුවෙන් ඇහෙන්නේ නැත්තේ. ඒ නිසා බොහෝ අයට මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන එක අමතක වෙලා. නමුත් තවම මම නම් ක්‍රිකට් අත්හැරලා නැහැ.
ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, රංගන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් තවත් විටක නිවේදකයෙක් .ඇත්තටම අකලංකගේ වෘත්තිය මොකක්ද ?
මගේ වෘත්තිය ක්‍රිකට්. නර්තනයට දක්ෂ නිසා ඒ පැත්තට යොමු වෙනවා. නිවේදනය ගැන නම් මම තෘප්තිමත් වෙන්නේ නැහැ. හැකියාව ඒ තරම්ම නැති නිසා. කොහොම වුණත් මොනදේ කළත් මුල්තැන දෙන්නේ මිනිස්සු මාව මුලින්ම හදුනාගත් ක්‍රිකට් ක්‍රීඩාවටයි.
අකලංකට රංගනයට ඇරයුම් ලැබෙන්නේ ?
නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒවා ප්‍රතික්ෂේප කලා. නමුත් ඉදිරියේදී මම කැමති චරිත ලැබුණොත් ඒවා භාර ගන්නවා.
අකලංකගේ කේන්දරේ මොන වෘත්තියට සම්බන්ධ වෙනවා කියලද තිබුණේ ?
ජනප්‍රිය වෙනවා කියලා සදහන් වෙලා තිබුණලූ. ක්‍රිකට් ගැනත් කේන්දරේ තිබිලා තියනවා. ඒ නිසා වෙන්න ඇති අම්මලා හුගක් කැමති මම ක්‍රිකට් සෙල්ලම් කරනවාට. එයා හැම තිස්සෙම කියන්නේ නැෂනල් ටීම් එකට අයෙත් ඇතුලූ වෙන්න. දක්ෂතා පෙන්වන්න කියලා.
උපේක්ෂා වැඩිපුරම මුල්තැන දෙන්නේ රගපෑමටද , දේශපාලනයටද ?
දේශපාලනයට. දැන් මම වත්තල ආසනයේ සංවර්ධන කමිටුවේ සභාපති. මාව දේශපාලනයට ගෙනා ජනතාව වෙනුවෙන් මගේ කාලය මම කැප කරනවා. වැඩි කලක් ඔබ හැදී වැඩුණේ විදේශ රටක .
ශ්‍රි ලංකාවේ දේශපාලනය සහ මිනිසුන් ගැන ඔබ දැන්වත්ද ?
අනිවාර්යයෙන්ම ඔව්. මම මිනිසුන්ට සමීපයි. දේශපාලනය ගැන එදිනෙදා දැනුවත් වෙනවා. නීතිය පිළිබදව හදාරන්නේත් දේශපාලනයට සම්බන්ධ නිසයි.
දේශපාලන සම්බන්ධතා ගොඩ නගාගෙන උපේක්ෂා ඈත පළාත්වල දුෂ්කර ගම්මාන වලට යනවද ?
ගම නගරය කියලා භේදයක් නැහැ. වැදගත් වෙන්නේ මනුස්සකම විතරයි. මම විදේශ රටක ඉලදිලා හැදී වැඩුණත් . අම්මාගේ සිංහකම මටත් සමීපයි. ඒ නිසා වෙන්න ඇති නාගරික පැළැන්තියේ මිනිස්සුන්ට වඩා ගමේ මිනිස්සු මට සමීප . මම මගේ දේශපාලන කාලය තුළ ගමටත් නගරයටත් එකසේ දායකත්වය ලබා දෙනවා. ඊළග මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදාන්ම් වුණාට එතැනින් එහාට තියන මැතිවරණ වලට නම් සම්බන්ධ වෙන්න වෙයිද කියන්න දන්නේ නැහැ.
කොහොමද අලූත් නිරිමාණ වැඩ කටයුතු ?
මායා චිත්‍රපටයත් , වීදිය බණ්ඩාර කියන ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. ඉදිරියේදී ඒ නිර්මාණ වලින් මාව දැකගන්න පුළුවන්