වෙන්දේසියට දැමූ සඳකඩ පහන මෙරටින් රැගෙන ගියේ 1948ට කලින්

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ වෙන්දේසියකට තබා ඇති සඳකඩ පහන පෞරාණිකත්වය පිළිබද අධ්‍යයනයක් අද දිනයේ ආරම්භ කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සදහන් කළේ ඒ සදහා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරීමේ නිරත රුහුණු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයරත්න බෝහිංගමුව මහතා යොමු කර ඇති බවය‍.ඔහු විසින් සඳකඩ පහන කුමන කාලයකට අයත්ද එහි කලාත්මක වැදගත්කම පිලිබදව පුළුල් අධ්‍යයනයක නිරතවනු ඇති බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.


මිට පෙර මෙම සඳකඩ පහන පිළිබඳව බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා මූලික විමර්ශනයක් සිදු කළේය.ඔහුට අනුව මෙම සදකඩ පහන කිසිඳු ගෙවී යාමකට ලක්ව නොමැති බව ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය.

දැනට ලැබී ඇති සාක්ෂී අනුව අදාළ සඳකඩ පහන 1948 වසරට පෙර මෙරටින් ගෙන ගොස් ඇති බව ඔහු සදහන් කළේය.යම් හෙයකින් මෙම සදකඩ පහන අනුරාධපුර යුගයට අයත් බවට අනාවරණය වුවහොත් එය මෙරටින් හමුවූ විශිෂ්ඨතම සදකඩ පහන් අතරට එක්වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මෙම සදකඩ පහන අප්‍රේල් මාසයේ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන වෙන්දේසියනදී අලෙවි කිරීමට මේ වනවිට සූදානම් කර තිබේ.

-සබැදි පුවත්- 

Gossip Lanka Hot News Previous News Archive