පොල් අහුලා ගැනීමේ සිද්ධියට අධිකරණය වෙත ගෙන ගිය දැරියගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා අමෙරිකාවේ සිට නිවාඩුවකට මෙරටට පැමිණ සිටි වෛද්‍යවරයකුගේ බිරිය වන කුමාරි සරත්චන්ද්‍ර මහත්මිය හොරණ මහජන බැංකුවේ දැරියගේ නමින් ගිණුමක් විවෘත කොට රුපියල් ලක්ෂ දෙකක් ඊයේ තැන්පත්කොට ඇත.
එක්සත් හෙද සංගමයේ සහ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් මේ සත්කාර්යය සිදුවිය.
ඊයේ උදේ උන්වහන්සේ සමඟ අදාළ දැරියගේ නිවෙසට ගිය සරත්චන්ද්‍ර මහත්මිය මව සහ දැරියද සමඟ එම බැංකු ශාඛාවට ගොස් එම මුදල තැන්පත්කොට එයින් මාසිකව ලැබෙන රුපියල් 2000 පොලී මුදල ඇයට ලබාගත හැකි ලෙස කටයුතු සලසා දී තිබේ.
මේ අතර එම දැරියගේ මවගේ කුසේ ඇති ගෙඩියක් සම්බන්ධ ශල්‍යකර්මයක් කිරීමට අදාළව සියලු කටයුතු සකස් කරදීමටද තමන් වහන්සේ එම දැරියගේ මවට පොරොන්දු වූ බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
-සබැදි පුවත්-