බෝධි පූජා පවත්වා, පිරිත් නූල් බැඳ සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදය මැද පේවී විභාගවලට මුහුණ දීමට ඇයට ඉඩක් ලැබුණේ නැත. ඒ වෙනුවට ජීවත් වූ සමාජ වටපිටාව විභාගයට කලින් දින රැයේත් ඇය පොලිසියේ නතර කරවා තිබුණි. ඒ ඇය පළමුවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් 2011 වසරේ මුහුණ දෙන්නට සිදු වූ අත්දැකීමකි. ජීවිතය යනු එක රැයින් කෙළවර වන්නක් නොවන බව අත්දැකීමෙන් දැන උන් අෑ එම සිදුවීමෙන් තව තවත් පන්නරය වූවාය.
කැලණි පාලම යට සේදවත්තේ තොරතෝංචියක් නැති කෑගැසීම්, කෙළවරක් නැති අඬ දබර ඒ සියල්ලටමත් වඩා ඔවුන් පීඩාවට පත් කළ සීමාවක් නොවූ දුප්පත්කමටත්, හිතුමතේ කඩා වදින කැලණි ගඟටත් ඉතින් ඇය නතර කරන්නට පුළුවන්කමක් ලැබුණේ නැත.
2011 වසරේ පළමුවර උසස් පෙළ විභාගයට මුහුණ දීමට ආසන්නව සිටියදීත් හදිසි ගංවතුර ප්‍රහාරයකට මුහුණ දීමට ඇයට සිදු වුණි. සිය ප්‍රාණ සම පොත්පත් බේරා ගැනීමට මහා වතුර කඳ සමඟ පොරබදමින් කළ සටන අවසානයේ දරුණු ලෙස රෝගාතුර වී මාස තුනක් රෝහල් ගත වී සිටීමට සිදු විය. ඒ නිසාම එවර උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීමට අපොහොසත් වුවත් “ඕ“ සාමාර්ථයන් දෙකක් “ඛ්“ සාමාර්ථයක් සමඟ එම කඩඉම ජය ගැනීමට ඇය සමත් වූවාය. නමුත් සේද වත්තෙන් එහා ලෝකයක් සොයා යෑමට තරම් එම ප්‍රතිඵලය ප්‍රමාණවත් නොවීය. 2012 වසරේ යළිත් කලින් තිබූ බාධක සියල්ල මධ්‍යයේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නට ඇය සැරසෙන්නේ ඒ නිසාය.
කැලණි ගඟට මුහුණ ලා වැල්ලම්පිටිය, සේදවත්තේ ජීවත් වූ සංජීවනී ප්‍රියදර්ශනී නම් වූ ඇය මෙවර උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් “ඒ” සාමාර්ථයන් තුනක් ලබා සරසවි වරම් ලබා ගත්තාය. ජීව විද්‍යා අංශයෙන් සහ ගණිත අංශයෙන් ලංකාවේ පළමු තැනට ආ කසුන් ලක්මාල්, රුසිරු ගම්භීරආරච්චි, කලා සහ වාණිජ අංශයෙන් ලංකාවෙන් පළමු තැනට ආ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උපේක්‍ෂා සෙව්වන්දි, පේශානි ගුණතිලක, සමාලි ලියනගේ තරමටම රත්නවාලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සංජීවනී ප්‍රියදර්ශනී නම් අපේ කතා නායිකාවත් සුවිශේෂ වේ. ඒ සාමාන්‍යයෙන් උසස් පෙළ සිසුවකු එම කඩඉම ජය ගැනීමට විෂයයන් සමඟ කරන අරගලයට අමතරව සංජීවනීට විඳින්න වූ ජීවිත අරගලය නිසාවෙනි.
“මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. තාත්තා කුලී වැඩ කරන්නේ. අම්මා කාලයක් කුරුඳු ඔතන්න ගියත් උණු වතුර ඇඟට හැලිලා පිච්චුණ නිසා දැන් ගෙදර ඉන්නේ. ර්ණී/ඹ් කළාට පස්සෙ මට තේරුණා තවදුරටත් අම්මටයි, තාත්තාටයි මට උගන්නන්න ශක්තියක් නෑ කියලා. මම අධ්‍යාපනය නතර කරන්න යන බව දැනගෙන පන්සලේ ලොකු හාමුදුරුවෝ කිව්වා ඛ්තචඵඵ එකක් පටන් අරගෙන උගන්වන ගමන් ඉගෙන ගන්න කියලා. ඉතින් මම ඛ්තචඵඵ එකක් පටන්ගෙන තුන, හතර පහ වසර ළමයින්ට සිංහල, ගණිතය ඉගැන්නුවා. මුලින් ළමයි විසි පහක් විතර හිටියා. ඒ අතරේ මගේ දක්‍ෂතාවය ගැනත්, මම විඳින දුෂ්කරතා ගැනත් දැනගත්තු සිසු සහන පදනමෙන් උදවු උපකාර ලැබුණා. ජ්ඪපඵබ ඵඩර කරද්දි අපේ ගෙවල්වලට වතුර දැම්මා. මං ලෙඩ වුණා. ඒ නිසා හරියට පාඩම් කරගන්නත් බැරි වුණා. කොහොමටත් අපේ මේ වත්තේ එහෙම පාඩම් කරන්න පුළුවන් වාතාවරණයක් නෑ. ඉස්කෝලේ යන ළමයි මෙහේ හරි අඩුයි. කොයි වෙලෙත් හැමතැනම සද්දෙට රේඩියෝ දාලා තියෙනවා. නැත්නම් කවුරුහරි රණ්ඩු කරගන්නවා. ඉතින් ඡ්යචථ එකක් ළං වුණාම යාළුවන්ගේ ගෙවල්වලට ගිහින් තමයි පාඩම් කරන්නෙ. මේ පාර විභාගයට මාස තුනක් වෙලේ ඉඳලා මං හුඟක් මහන්සි වුණා. ඒත් මං ක්ලාස් එක නැවැත්තුවේ නෑ. ඒ අතරම ඛ්ඩචපබඥඤ ඒජජධභදබඥඤ විභාගයත් කළා. උණු වතුර වැටිලා අම්මා ඉස්පිරිතාලේ නතර කරපු දවස්වල අම්මා ළඟත් ඉන්න ගමන් ක්ලාස් එකත් කරන ගමන් විභාගෙටත් ගියා.
“මේ මං ඉන්න තැන. මං කැම්පස් යන්නෙත් මෙහේ ඉඳන්ම තමයි. ඉගෙන ගත්ත කෙනෙක් නැති නිසා මෙහේ හුඟක් අය ර්ණී/ඹ් වලින් පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑ. දැනටමත් සමහරු ඇවිත් මගෙන් අහගන්නවා. මෙහේ අනිත් ළමයින්ටත් මාව දැකලා ඉස්සරහට යන්න හිතෙන විදියේ තැනකට කවදාහරි මං එනවා. මෙතැනට එන්න අතදුන් සියළු දෙනාටත්, ජයන්ත සූරියආරච්චි මහත්තයාටත් විශේෂ ස්තූතිය පළකරන්න ඕනෑ.”
උපුටා
ගැනීම -මව්බිම