බ්‍රිතාන්‍යයේ සඳකඩ පහණ අනුරාධපුර යුගයට සමාන ලු !

බ්‍රිතාන්‍යයේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට තිබෙන සඳකඩ පහණ ක්‍රිස්තු වර්ෂ 800-900 දී අනුරාධපුර යුගයේ දක්නට ලැබෙන ඇතැම් සඳකඩ පහණ්වල කලාත්මක ස්වරූපයට සමාන බව විශේෂඥයෝ පවසති.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක විජේරත්න බෝහින්ගමුව මහතා ඒ බව ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමඟ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට තිබෙන සඳකඩ පහණ නැරඹීමෙන් අනතුරුව සාකච්ඡාවකට එක් වෙමිනි.

"ඒක අනුරාධපුරෙන් අරගෙන ආව එකක් ද නැද්ද කියන කාරණාව එහෙම ලේසියෙන් තීරණය කරන්න අමාරුයි," ඔහු පැවසීය.


එම සඳකඩ පහණ ශ්‍රී ලංකාවෙන් රැගෙන ආවක් බව තහවුරු වුවහොත්, 1970 දී සම්මත වූ යුනෙස්කෝ සම්මුතියට අනුකූලව නීතිවිරෝධී ලෙසින් රැගෙන ආ කෞතුක භාණ්ඩ තබා ගැනීම අපරාධ ක්‍රියාවක් ලෙසින් සැලකෙන බව ද රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජේරත්න බෝහින්ගමුව මහතා වැඩිදුරටත් පැවසිය. බ්‍රිතාන්‍යය ද 2002 දී එම සම්මුතියට අත්සන් තබා තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පුරාවස්තු පිලිබඳ අංග සම්පූර්ණ වාර්තාවක් නොමැති වීම මෙම සඳකඩ පහණ ශ්‍රී ලංකාවෙන් රැගෙන ආවක්ද යන්න පිලිබඳ පරීක්ෂණයට ප්‍රබල බාධකයක් විය හැකි බව ද විශ්ලේෂකයෝ පවසති.

- බීබීසී සංදේශය
 -සබැදි පුවත්- 

Gossip Lanka Hot News Previous News Archive