ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක් - ආයුර්වේදයේ වැඩ නවතී

උතුර මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට අද අලුයම ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවිය.යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු දොර අරවාගෙන මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ දෑස් බේරි ඇතත් මුහුණ හා පපුව තද බල ලෙස පිළිස්සී ඇත.

මේ අතර උතුරු මැද පළාත් ආයුරුවේද කොමසාරිස් වෛද්‍ය උදයසිරි චන්ද්‍රකුමාර ද අල්විස් මහතාට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයට විරෝධය පා අද (22) දහවල් 12 න් පසුව උතුරු මැද පළාතේ සියළු රජයේ ආයුරුවේද වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ඇරඹූහ. ‍එම සිද්ධියට විරෝධය දක්වමින් සහ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීමට බල කරමින් සංකේත වැඩ වර්ජනය ඇරඹීමට පියවර ගත් බව එම වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය ඩී.එම්. ගමගේ මහතා අනුරාධපුර පළාත් ආයුරුවේද රෝහලේ දී පැවසීය. සමස්ථ කාර්ය මණ්ඩල ඊට සහය දෙන බව එහිදී කණිටු සේවා දිසානායක මහතා පැවසීය.
 අද දහවල් කෑමේ පැයේදී අනුරාධපුර ආයුර්වේද රෝහල ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ විය. මෙම උද්ඝෝෂණයට ආයුර්වේද වෛද්‍යවරුන්, හෙදියන්, සුළු සේවකයින් ඇතුළු සියලු දෙනා එක් වී සිටියහ. ඔවුන් උද්ඝෝෂණය කරන්නට වූයේ කොමසාරිස්වරයාට ඇසිඩ් ගැසූ සාහසිකයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බල කරමිනි.

මෙම උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ටෙරන්ස් ගාමිණී (අනුරාධපුර ශික්ෂණ රෝහල) සහ එම සංගමයේ ආයුර්වේද ශාඛාවේ ලේකම් සමීර පිලිප් ගුණරත්න යන මහත්වරුන් විසින්ය. මෙම අවස්ථාවේ දී ජනමාධ්‍යයට අදහස් දැක්වූ ටෙරන්ස් ගාමිණී මහතා කියා සිටියේ ආයුර්වේද කොමසාරිස් උදයසිරි මහතා දිනකට රෝගීන් 300-400ක් පරීක්ෂා කරන බවත්, ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගන්නට දිවයිනේ නන් දෙසින් රෝගීන් පැමිණෙන බවත් ය. එයට එරෙහිව මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවක් ඒ මහතා කියයි. ඊයේ (22) දිනයේදී උදයසිරි මහතාගේ නිවසට දුරකතනය ඔස්සේ මෙම අපරාධකරුවන් කතා කර තිබෙන බැවින් හැකි ඉක්මණින් දුරකතන ජාල පරීක්ෂාවක් සිදුකොට ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බල කරන බවත් ඒ මහතා පැවසීය.

Ayurvedic Commissioner hospitalised after acid attack

Gossip Lanka Hot News Previous News Archive