ලන්ඩනයේ වෙන්දේසියට තැබු සදකඩපහන අනුරුවක්

එංගලන්තයේ ලන්ඩන් නුවර වෙන්දේසියක තැබීමට නියමිතව ඇති ශ්‍රී ලංකාවට අයත් සඳකඩ පහන, අනුරුවක් බවට තහවුරු වී තිබේ. ඒ පිළිබඳ සිදුකළ පර්යේෂණයකින් අනතුරුව මෙය තහවුරු වු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

අනුරාධපුර යුගයට අයත් වසර 1500 ක් පමණ පැරණි සඳකඩ පහනක් ලන්ඩන් නුවර පැවැත්වෙන කෞතුක භාණ්ඩ වෙන්දේසියක තැබීමට නියමිත බව වාර්තා විණි. එළඹෙන අප්‍රේල් මාසයේ දී එම වෙන්දේසිය පැවැත්වීමට නියමිත බව වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් අනුව ඔක්ස්ෆර්ඩ් සරසවියේ නියෝජිතයන් පිරිසක් විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලදී. ඒ අනුව අදාළ පරීක්ෂණ වාර්තාව මේ වනවිටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී තිබේ. මෙම පරීක්ෂණ වාර්තාවට අනුව වෙන්දේසිය සඳහා තබා ඇති අදාළ සඳකඩ පහන අනුරුවක් පමණක් බවට තහවුරු වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive