හලාවත ආනන්ද ජාතික පාසලේ ඊයේ (31) පෙරවරුවේ පැවැති මැරතන් ධාවන තරගයේ දී කෞශල්‍යා පවිත්‍රානි (19) සිසුවිය කානුවකට ඇද වැටී මියගොස් ඇත්තේ ඇගේ හෘද වස්තුවේ කාපාටවල පැවැති ගැටළුවක් හේතුවෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.
මෙවැනි රෝගි තත්ත්වයකින් යුක්ත සිසුවියක් මැරතන් තරගයකට සහභාගි කරවා ගත්තේ ඇයිදැයි යන ප්‍රශ්නය මෙහිදී මතුවන බව එම පාසලේ සෙසු දරුවන්ගේ දෙමව්පියෝ ප්‍රශ්ණ කරති. මැරතන් තරගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් පහකි.
මෙම දුර දිවීමට පෙර පාසලේ පාලන අධිකාරිය විසින් එම තරගයට සහභාගී වන සියලුම සිසුවියන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරවා තිබූ බව කියති. මියගිය කෞශල්‍යාගේ වැඩිමහල් සොහොයුරිය පවසන්නේ තමන්ගේ නැගණිය බස් රථයක් අල්ලා ගන්නවත් දුවන්නේ නැති බවකි. එවැනි තත්ත්වයකින් පසු වූ නැගණිය කිලෝ මීටර් පහක මැරතන් තරගයකට සහභාගී වීම විශ්වාස කළ නොහැකි තරම් කාරණාවක් යැයි ඇය කියයි.