18වනදා විවෘත වන මත්තල ගුවන් තොටුපල Mattala international airport

මේ මස 18වනදා විවෘත වන මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලවන හම්බන්තොට, මත්තල, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මුල් අදියරේ ඉදිකිරීම් මේ වනවිට අවසන් වී තිබේ.

හෙක්ටයාර දෙදහසක් පුරා පැතිර යන මේ ගුවන් තොටුපල ව්‍යාපෘතියේ පළමු අදියර සදහා යොදාගෙන ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 800කි.ගුවන් තොටුපලේ මූලික අංගයවන ගුවන් පථයේ ඉදිකිරීම් මේ වනවිට සම්පූර්ණ කර තිබේ.මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලේ පළමු අදියර විවෘතවීමත් සමග වාර්ෂිකව මිලියනයකට මගීන් පිරිසකට හා දෙවැනි අදියරේදි වාර්ෂිකව තවත් මගීන් මිලියන 5කට පහසුකම් සැලසීමට අපේක්ෂිතය.පළමු අදියරේදි යානා 10ක් නවතා තැබීමේ පහසුකම් ඇති අතර ව්‍යාපෘතිය සම්පූර්ණ ව නවිට යානා 20ක් නවතා තැබීමට පහසුකම් සැලසේ.

මේ අතර මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී ධාරිතාව තවත් මිලියන 9ක් කිරිමට 2015 ජූනි මාසයේදි වැඩ ආරම්භ කිරිමට බලාපොරොත්තුවන බවය. අමාත්‍ය පියංකර ජයරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ කිසිම අවස්ථාවක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වසා නොදමන බවය.
 මත්තල ගුවන් තොටුපල නැරඹිමට විශේෂ බස් සේවා
මේ අතර මත්තල ගුවන් තොටුපල නැරඹිම සඳහා පැමිණෙනන් වෙනුවෙන් විශේෂ බස්රථ සේවාවන් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි උපසභාපති එල්.ඒ විමලරත්න මහතා කියා සිටියේ ලබන 11 වැනිදා සිට වැල්ලවාය, තණමල්විල, කතරගම, ඇඹිලිපිටිය, තංගල්ල සහ හම්බන්තොට යන බස් නැවතුම්පලවලින් එම බස්රථ සේවා යොදවන බවයි. ඒ සඳහා අනියුක්ත කෙරෙන බස්රථ සංඛ්‍යාව 34ක් බවද ප‍්‍රකාශ කෙරුණා.















Gossip Lanka Hot News Previous News Archive