මත්තල ගුවන් තොටුපලේදී ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට තෙල් ලබාදීම ප්‍රමාදවීම නිසා පැය එකහමාරක පමණ කාලයක් එම ගුවන් යානය රඳවා තබා ගැනීමට සිදුවී ඇතැයි වාර්තා වේ.මෙසේ ප්‍රමාද වී ඇත්තේ UL 273 දරණ ගුවන් යානයයි.
එය කොළඹ සිට සෞදි අරාබියේ රියාද් නුවර බලා පිටත්වීමට සූදානමින් සිටි බව පැවසේ.මෙය ඊයේ මධ්‍යහනයේ මත්තලින් පිටත්වී ඇති බවත්, එය මත්තලට ගොඩ බස්සා ඇත්තේ තෙල් ලබා ගැනීමට බවද පැවසේ.සිද්ධියෙන් එහි සිටි මගීන් ද අපහසුතාවයට පත්ව ඇති බව බවද ගුවන් තොටුපල ආරංචි මාර්ග වලින් වාර්තා වේ.පසුගිය කාලයේදී මත්තල ගුවන් තොටට ඉන්ධන ගබඩා සංගීර්ණයක් නොමැති බව පාර්ලිමේන්තුවේදී ද විවාදයට ලක්විය.මෙවැනි පහසුකමක් නැති ලොව එකම ජාත්‍යන්තර ගුවන් තොටුපල මත්තල බවද එජාප මන්තී‍්‍ර රවී කරුණානනායක මහතා එහිදී කියා සිටියේය.රාජගිරීයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ඒ ගැන කියා සිටියේ මෙසේය.
"කටුනායක ගුවන් තොටුපළ දැන් පවතින්නෙ පස් ගුණයකින් පමණ දියුණු කළ යුතු මට්ටමකයි. එවැනි අවස්ථාවක රටට යහපතක් කරන්න කියලා මත්තල ගුවන් තොටුපළක් එකතු කරපු එක හොඳයි ඒත් කවුරුවත් කියන්නෙ නෑ මේකට ගුවන් සේවා ඇති කරන්නෙ කොහොමද කියලා.
ජාත්‍යන්තර ගුවන් තොටුපළක අවශ්‍යතාව තමයි පැමිණෙන ගුවන් යානා වලට ඉන්ධන පිරවීමේ පහසුකම. ඒකට විශාල පරිමාණයේ ඉන්ධන ගබඩා පහසුකමක් අවශ්‍යයි. ඒත් මත්තලට එතරම් ඉන්ධන ටැංකි පහසුකමක් නෑ. මේවනවිට එහේ ගබඩා කර තියෙන්නෙ ගුවන් යානා ඉන්ධන ලීටර් ලක්ෂයක් පමණයි. ඒවත් කොළඹින් ගෙනියන බවුසර් දෙකක තමා තියෙන්නෙ.
මේ ක්‍රියාවලිය මත්තලට ඉදිරියෙදිත් සකසගන්න අමාරුයි. මොකද දැනට කටුනායකදි කෙරෙන්නෙ සපුගස්කන්දට ලැඛෙන තෙල්තොග පිරිපහදු කරල නල මගින් හරි බවුසර් මගින් හරි දුම්රියෙන් හරි කටුනායකට යවල ඊට පස්සේ කටුනායකදි ඒවා පෙරීමට ලක්කරලා ගුවන් යානාවලට සපයන එකයි. මේ පෙරීමේ පහසුකම තියෙන්නෙ කටුනායක විතරයි.
මත්තලට නෑ.
දැන් කරන්නෙ කටුනායකින් පෙරල එවන ඉන්ධන බවුසර් වලින් හරි නැව් මගින් හරි මත්තලට යවන දුෂ්කර ක්‍රියාවලිය.
මේක දීර්ඝ වේලාවක් ගතවන අනවශ්‍ය වියදමක් ගතවන අපහසු ක්‍රියාවලියක්. මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීම ප්‍රායෝගික ආර්ථීක තර්කයක් මත වැඩපිලිවෙලක් පදනම් වෙලා පිහිටවපු එකක් නෙමෙයි. මේක ජාත්‍යන්තර විහිළුවක්."
මේ පිළිබද දයාසිරි ජයසේකර මහතා දැක්වූ අදහස් පහත video වේ
" ඔහු පවසන්නේ නැවූ වලට ගහන තෙල් ගුවන් යානා වලට ගැසුවොත් ගුවන් යානා බිමින් යන බවත් නැවූ උඩින් යන බවත්ය "
Dayasiri Jayasekara points out faults in Mattala Airport
-සබැදි පුවත්-
1.මත්තල ගිය ගුවන් යානයක් 'නුලෙන්' බේරෙයි !
2. මත්තල ගුවන් පථයට මොනරුන් ගමන් අරභයි !
*- Mattala Facebook Funny Stuff පින්තූර ඒකතුව මෙතනින් බලන්න-*