මත්තලට ගිය ගුවන් යානයක් 'නුලෙන්' බේරෙයි !

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත ඊයේ (14) පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල අසල ගුවනේදී අකරතැබ්බකට මුහුණදී ඇතැයි වාර්තාවේ.

පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් ගුවන්යානයේ ඉදිරිපස ගැටී ඇති අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන්නියමු තේවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුව ඇත. කෙසේවුවද සිදුවීමට ගිය අනතුර වලක්වා ගැනීමට ගුවන් නියමුවා සමත්ව ඇත.නිරන්තරයෙන් සතුන් ගැවසෙන අභය භූමි ප්‍රදේශයක පිහිටි මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා බැස්සවිමේදී හා නැග්ගවිමේදී මෙවැනි අනතුරු වලට ඉලක්කවිමේ අවධානමක් පවතින බව 'ශ්‍රී ලන්කන්'ගුවන් සමාගමේ ප්‍රධානියකු පවසා ඇත.
මේ අතර මත්තල ගුවන් තොටුපලට යන මාර්ගයේදී වන අලියකුගේ පහරදීමෙන් පෙරේදා (13) පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වූ අතර, ඒ හේතුවෙන් ගුවන් තොටුපල වටා 'අලි' වැටක් ඉඳි කිරීමට බලධාරීන් තීරණය කර ඇත. එහෙත් පියාඹන කුරුල්ලන්ගෙන් ගුවන් යානා වලට වියහැකි අනතුරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැත.
-සබැදි පුවත්-

Gossip Lanka Hot News Previous News Archive