ක්‍රිකට් ගිවිසුමට ක්‍රීඩකයින් එකඟ වුණා Cricket crisis ends - Sanath Jayasuriya

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් හා වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට අත්සන් කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයන් එකග වූ බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසීය.ඔහු මේ බව කියා සිටියේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 23 දෙනෙකු සමග අද (03) පස්වරුවේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සාකච්චාවෙන් අනතුරුවය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය
'අයි.සී.සී. එකෙන් කරන තරගවලදී ඒගොල්ලන්ගේ ප්‍රසන්ටේජ් එකක් ඉල්ලුවා. අපි කිවුවා මේ සැරේ ඒ ප්‍රසන්ටේජ්එක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කරන්න අමාරුයි කියල. ඒ හින්ද අපි ඒක අයින් කරල තියෙනවා කියල. ඒක ගැන තමයි මෙතනදි දීර්ඝවශයෙන් සාකච්ඡා කළේ.
ක්‍රිකට් ඉස්සරහට යන්න් ඕන. ක්‍රීඩකයන්ගේ අනාගතය තියෙන්න ඕන. ඒ සාකච්ඡාව හොද ප්‍රතිඵලයක් බවට පත් වුණා අවසානයේ.' ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සහ කි‍්‍රකට් ක‍්‍රීඩකයන් අතර පැවති ගිවිසුම පසුගිය 28 වැනිදායින් අවසන් විය.ඉදිරි වර්ෂය සඳහා නැවත ගිවිසුම අත්සන් කිරීමට ඊයේ (02) දිනය වනතෙක් කි‍්‍රකට් ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබා දී තිබුණද ජාතික කණ්ඩායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් 23 දෙනෙකු ඇතුළු ක‍්‍රීඩකයන් 60 කට ආසන්න සංඛ්‍යාවක් එම ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළේය.
නව ගිවිසුමට අනුව, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සිය වාර්ෂික ආදායමෙන් සියයට 67 ක ප‍්‍රතිශතයක් ක‍්‍රීඩකයන්ට ලබාදීමට තීරණය කර තිබුණද ක්‍රිඩකයන් එය සමස්ථ ආදායමෙන් සියයට 78 ක ප‍්‍රතිශතයක් විය යුතු බව පෙන්වාදී තිබිනි.

කි‍්‍රකට් ආයතනය විසින් තීරණය කර ඇති සියයට 67 ක මුදල ක‍්‍රීඩකයන්ට ලබා දුනහොත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙකුට මසකට හිමිවන මුදල රුපියල් ලක්ෂ 40 කට ආසන්නය.ඒ අනුව, දළ වශයෙන් වසරකදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙකුගේ ආදායම රුපියල් ලක්ෂ 500 කට ආසන්න වන බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.එමෙන්ම කනිෂ්ඨ ක‍්‍රීඩකයෙකුට මසකට රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් නව ගිවිසුම අනුව හිමි වේ. ඒ අනුව ඔවුන්ගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 250 ඉක්මවනු ඇති.මේ අතර, බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම සමග මාතර දී අද (03) ආරම්භ වුණු පුහුණු තරගය සඳහා නම් කර සිටි කුමාර සංගක්කාර කණ්ඩායමෙන් ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව පියවර ගෙන තබිනි.

ඒ සංගක්කාර මෙම වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට අත්සන් නොකිරීම හේතුවෙනි.


වීඩියෝව

Gossip Lanka Hot News Previous News Archive