මාතර කොකේන් පැළ ගැලවීමට යයි - Cocaine Cultivation in Matara

මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක ජනතාව විසින් වගා කර ඇති කොකේන් පැළ ගලවා ඉවත් කිරීමට උපදෙස් ලබාදුන් බව දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා සුජාතා වීරසිංහ මහත්මිය පවසනවා. 

ප‍්‍රාදේශීය ලේකම්වරුන් කැඳවා අදාළ පැළෑටිය පිළිබඳ ප‍්‍රායෝගික දැනුමක්ද ලබාදුන් බවයි ඇය කියා සිටියේ. මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිරිපයකට සුදුහඳුන් නමින් බෙදා දුන් පැළෑටි කොකේන් බව අධ්‍යනයකින් හෙළිවුණා. පසුව ඒ සම්බන්ධයෙන් කළ පූර්ණ විමර්ශනයකින් අනතුරුව එම පැළෑටි ගලවා ඉවත් කිරීමට තීරණය කළ බවයි දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා සුජාතා වීරසිංහ මහත්මිය කියා සිටියේ. දිවි නැගුම වැඩපිළිවෙල යටතේ ගෙවතු වගා නිරීක්ෂණය කිරීමේදී අදාළ සිද්ධිය පිළිබඳ පළමුව තොරතුරු වාර්තා වූ බව සුජාතා වීරසිංහ මහත්මිය කියා සිටියා.

අදාළ පැළෑටි මාතර දිස්ත‍්‍රික්කයේ ජනතාව අතර බෙදා දී ඇත්තේ මීට වසර දෙකකට පමණ පෙරයි. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒවා බෙදා දුන් බව ඇතමුන් කියා සිටියද තවමත් එය තහවුරු වී නැහැ. කෙසේවෙතත්, පැළෑටිය වගා කළ පුද්ගලයන් තමන් නීතියේ රැහැනට හසුවෙතැයි බියෙන් පසු වනවා. 



Gossip Lanka Hot News Previous News Archive