රසිකයො වුණත් කැමැති අපි ලස්සනට ඇඳල ඉන්නව බලන්න - Surendra Perera

සුරේන්ද්‍ර පෙරේරා කියන්නෙ තවමත් Star කෙනෙක්ද?

Star කෙනෙක් කියන දේ තීරණය කරන්න ඕන මම නෙවෙයි. එය මගේ වටේ ඉන්න රසිකයො තීරණය කරන්න ඕන දෙයක්. කොහොම වුණත් මෙච්චර කාලෙකට රසිකයන්ගෙ අඩුවක් නම් මට නෑ. එදා පිළිගත්ත විදියටම තවමත් ඕනම තැනකදි රසිකයො මාව පිළිගන්නවා.

Music කියන්නෙ එක විදියක උණක්නෙ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම සුරේන්ද්‍රටත් මේ උණ තිබුණද?

මම ඉස්කෝලෙ ගියේ හලාවත ඉබ. St. Maries එකට. ඒ දවස්වල ඉඳලම සින්දු කියන්න ආසාවක් වගේ දේවල් එහෙන් මෙහෙන් තිබුණා. මගේ තිබුණු හැකියාවන් ඉස්සරහට ගේන්න වැඩියෙන්ම උනන්දු වුණේ මගේ මවුපියො. ඔහොම තමයි පස්සෙ කාලෙකදි මම ඉන්න ජනප්‍රියත්වයට එන්න පවා පාර හැදුණේ.
Fashion ගැන මොකද හිතන්නෙ? තරුණයෙක් විදියට මම හිතන්නෙ

Fashion කියන දේ අප ළඟ තිබුණට කමක් නැහැ කියලා. කාලෙන් කාලෙට නොයෙක් විදියෙ Fashion යනවා එනවා. තමන්ට පුළුවන් විදියට, තමන්ට ගැළපෙන ආකාරයට මේ විලාසිතා තමන් අනුගමනය කළාට කිසිම වරදක් නෑ. කිසිම කෙනෙක් අනුකරණය කරන්නෙ නැතුව.


සුරේන්ද්‍ර Fashion කරන්නෙ අවට ඉන්න අයගෙ ආකර්ෂණය දිනාගන්නද?

නෑ. මම ඉන්නෙ එතැන නෙවෙයි. ඕනම කෙනෙක්ට තමන්ගෙම කියල අනන්‍යතාවක් තියෙනවනෙ. සුරේන්ද්‍ර පෙරේරා කියන්නෙ මේ වෙනකොට යම්කිසි ලකුණක්. ඉතින් මේ ඇතුළෙ මටම සීමා වුණු මගේම විලාසිතා වර්ග තියෙනවා. හැබැයි ඒ කාගෙවත් ආකර්ෂණය දිනාගන්න නෙවෙයි. ඕනම කෙනෙක්ට Fashion කරන්න නිදහස තියෙනවා. රසිකයො වුණත් කැමැති අපි ලස්සනට ඇඳල ඉන්නව බලන්න.

ඇඳුම් තෝරාගන්නකොට මොකක් හරි Special Brand එකක් තියෙනවද?

ඔව්, එහෙම තියෙනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් පිටරටක Show එකකට ගිය වෙලාවක වුණත් ඇඳුම් ගන්න හැකියාවක් මට තියෙනවා.

ජනප්‍රිය ගායකයෙක් වුණ නිසා සුරේන්ද්‍ර කියන්නේ ආඩම්බර චරිතයක්ද?

සුරේන්ද්‍ර පෙරේරා කියන්නෙ හැමෝමත් එක්ක හිනාවෙලා ඉන්න නිදහස් චරිතයක්. මම හිනාවුණත් සමහරු මාත් එක්ක හිනාවෙන්න නැති වෙලාවල් නම් තියෙනවා. එදා Super Star අංක 2 වුණු සුරේන්ද්‍රම තමයි අදත් ඉන්නෙ. එදා යාළුවො තවමත් මගේ යාළුවෝ. මම කිසිම විදියකට ආඩම්බර, අහංකාර චරිතයක් නෙවෙයි.

Music Field එකට එන්න අවශ්‍ය වෙන්නෙ හැකියාවද, දක්‍ෂතාවද? එහෙමත් නැත්නම් දැනහැඳුනුම්කම්ද?

හැකියාව සහ දක්‍ෂතාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. උනන්දුව තියෙන්නත් ඕන. මීට අමතරව සමාජ දැන හැඳුනුම්කම් තිබීමත් එක්තරා විදියකට අවශ්‍ය වෙනවා. සමහරු ඉන්නවා හැමදෙයක්ම දන්නවා. ඒත් කරගන්න ගියාම මුකුත්ම කරගන්න බෑ.
දැන් සින්දු තියෙනවා විෂුවල් එකක් නැතුව පැවැත්මක් ඇත්තෙම නෑ. මේ ගැන මොකද කියන්න තියෙන්නෙ.
මම කියන පුද්ගලයාගේ සින්දුවලට විෂුවල් ගොඩක් නෑ. ඒත් මගේ සින්දු අදටත් ජනප්‍රියයි. තමන්ට හැකියාවක් තියෙනවානම් සින්දුවකට Video එකක් කිරීමේ ගැටලුවක් නෑ. මොකද අද T.V. බලන්න පුළුවන් සමාජ ප්‍රතිශතය ඉහළ නිසා. ඒත් මම හිතන්නෙ නෑ මේක අනිවාර්යයෙන්ම වෙන්න ඕන දෙයක් කියලා. ඒකට හොඳම උදාහරණය තමයි මගේ "වැහි පබළු" ගීතය. මේ ගීතය නැතුවම බැරි ගීතයක් වුණා. People’s Awardවලට මේක තේරුණේ මම ඒකට Video එකක්වත් කරල තිබුණෙ නැති කාලෙක.
Love & Sex මේ ගැන මොකද හිතන්නෙ.

ආදරය කින දේ අපි මෙහෙම කරනවා. මෙහෙම වෙනවා, කියලා Plan කරලා කරන්න බැරි දෙයක්. ආදරය කියන දේට වයස් සීමාවක් ඇත්තෙ නෑ.සමහර අය කියනවා Sex කියන දේ ලංකාව ඇතුළේ වහල දාලා තියෙන්නෙ කියලා. ඒක මෙහෙමයි ඕනම කෙනෙක්ට තමන්ට අවශ්‍ය දේවල් Internet වලින් බලාගන්න පුළුවන් තත්ත්වයක් අද තියෙන්නෙ. ඔය වහල දාලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන දැනුම්වත් කිරීම් හා අධ්‍යාපනයන් පමණයි.

මිනිස්සු ගැන මොකද හිතන්නෙ?

මගේ හිතට කාව හරි දැනෙනව නම් මම ඒ අයව විශ්වාස කරනවා. අපි අද යම් තැනක ඉන්නවා නම් මෙතැනින් එහාටත් අපි යා යුතුයි. අනිත් අය විවිධ විදියෙ අදහස් දරන්න පුළුවන්. ඒත් මම තවමත් ඉන්නේ එදා හිටිය තැනමයි. මං විශ්වාස කරපු මිනිස්සු මං බොහෝවිට විශ්වාස කරනවා.


Music පැත්තෙන් මේ දවස්වල මොනවද කරන්නෙ.

මේ වෙනකොට තවම මම Release නොකරපු සින්දු 7ක් තියෙනවා. ඒවා ඉඩක් ලැබෙන විදියට එළිදක්වන්න තමයි මගේ බලාපොරොත්තුව.ඒ වගේම මගේම අලුත් සින්දු දෙක රධීෂ් වැන්දබෝනා Music කරපු අනුරාගිනි වගේම ඩිලාන් ගමගේ ලියලා උදාර Music කරපු හීනයක් වගේ සින්දු දෙකම සෑහෙන ජනප්‍රිය වුණා.

අපේ Young Genaration එකට Music පැත්තෙන් හොඳ ගමනක් තියෙනවා කියලා හිතෙනවද?

මේ Field එකට ගොඩක් දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. Music කියන්නෙ හරි අමුතු දෙයක්නෙ. මේකෙ විවිධ පැති තියෙනවා. ඉතින් මේ වෙනකොට මේ ගමන ඇතුළෙ හැමෝම නොවුණත් දක්‍ෂතා තියෙන පිරිසකුත් ඉන්නවා.


රජිත බස්නායක

Gossip Lanka Hot News Previous News Archive