පැරණි රියෑදුරු බලපත්‍ර වෙනුවට ස්‌මාර්ට්‌ කාඩ්

පැරැණි රියෑදුරු බලපත් ඇති සියලු රියෑදුරුන් සඳහා නව "ස්‌මාර්ට්‌ කාඩ්" රියෑදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක්‌ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

රියෑදුරන්ගේ තොරතුරු එකම පරිගණක පද්ධතියකට ලබා ගැනීමේ අරමුණින් මෙම සේවාව ආරම්භ කර ඇති බවත් මේ සඳහා කැබිනට්‌ අනුමැතිය ලැබී තිබෙන බත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.

මෙම පහසුකම් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කාර්යාලයෙන් හා හම්බන්තොට සහ අනුරාධපුර යන ප්‍රාදේශීය කාර්යාලවලින් එක්‌ දින සේවාව යටතේ ලබාගත හැකි බවත් ඒ සඳහා එක්‌දින ගාස්‌තු අය නොකරන බවත් එම ප්‍රකාශකයා කියා සිටියේය.ඊට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාලවලදී මේ සඳහා විශේෂ කවුළුවක්‌ විවෘත කර ඇති බවත් එහිදී ප්‍රමුඛතාව මත මෙම සේවා ලබාදීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම කීය.නව රියෑදුරු බලවත්‍ර ලබාගැනීමට පැමිණෙන රියෑදුරන් පැරැණි රියෑදුරු බලපත්‍රය, උප්පැන්න සහතිකය හා ජාතික හැඳුනුම්පතත්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන වෛද්‍ය සහතිකය අනිවාර්යයෙන් රැගෙන ආ යුතු බවත් ඔහු කියා සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive