පොළොන්නරුව අරලගංවිල ප‍්‍රදේශයෙන් හමු වූ බව කියන පාෂාණ කැබලි මොනවා දැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලය,බි‍්‍රතාන්‍ය බකින්හැම් විශ්ව විද්‍යාලය සහ නාසා ආයතනය අතර මතගැටුම් නිර්මාණ වී තිබෙනවා. අරලගන්විල කුඩාවැව කුඹුරක තිබී හමුවූයේ උල්කාපාත හෝ වෙනත් ග්‍රහවස්තු කැබැලි නොව දැඩි දහනයකට ලක්වූ මැටි පාංශු කැබැලි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා අවධාරණය කරයි.
පර්යේෂණවලින් අනතුරුව එම කටයුතු සඳහා සහභාගී වු භූ විද්‍යාඥයින් පිරිස මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම කරුණු අනාවරණය කර තිබේ.අදාළ උල්කාෂ්ම යැයි සැලකෙන ද්‍රව්‍ය විදුලි කෙටීම සමග නිර්මාණය වු ඝන ද්‍රව්‍යයක් බවත් එය ජලය සමග මුසුවී ගලාගෙන ගොස් ඇති බව තහවුරු වුයේ ඒවා ජලය ගලන පැත්තට වන්නට තිබී සොයාගත් නිසා බවත් හෙතෙම සඳහන් කරයි.එම කුඹුරුයායවල ඇති වී සහ මඩ කොටස් තැන්පත් වීම නිසා මෙම ආගන්තුක ද්‍රව්‍යවල ජීවි සෛල ඇතැයි යන්න නිගමනවලට එළඹ ඇතැයි යන්න එහිදී අවධාරණය කෙරිණ.