20-20 ලෝක කුසලාන ප‍්‍රවේශපත් අර්බුදයක්.


පන්දුවාර 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ තරඟ නැරඹීම සඳහා තමන් ගෙවූ වටිනාකමට නියමිත ප‍්‍රවේශපත‍්‍ර නොලැබෙන බව ප‍්‍රවේශපත් මිලදී ගැනීමට මුදල් ලබා දුන් ක‍්‍රීඩා ලෝලීන් පවසති.
පසුගිය පෙබරවාරි මාසයේ සිට 20-20 තරඟාවලිය සඳහා ප‍්‍රවේශපත් මිලදී ගැනීමේ අවස්ථාව මෙරට ක‍්‍රීඩා ලෝලීන්ට හිමිවිය. නීත්‍යානුකූලව වෙන් කරගත් ප‍්‍රවේශපත් වෙනුවට අඩු මිල ගණන් යටතේ ප‍්‍රවේශපත් ලබා ගන්නා ලෙස තරඟ සංවිධායකයන් ක‍්‍රීඩා ලෝලීන්ට පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ අධ්‍යක්‍ෂිකා මානෙල් ප‍්‍රනාන්දු මහත්මිය විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
මේ අතර ප‍්‍රවේශපත් නිකුත් කිරීමේදී ගැටළුකාරී තත්වයක් උද්ගතව ඇති බව හඳුනාගෙන ඇතැයි අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය කලමණාකාරු සෑම් උල් හසන් මහතා පවසා ඇත.
August 2012 23 : 11:33 am.Gossip Lanka Hot News.

Gossip Lanka Hot News Previous News Archive