
ඒ අනුව අම්පාර හාඩි උසස් තාක්ෂණ හා කාර්මික විද්‍යාලය නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 261ක් ද අම්පාර නගර සංවර්ධනය කිරීම සඳහා රු.මි. 1540ක් ද ත්‍රිකුණාමලය චීන වරාය කොඩ්බේ ධීවර වරාය සංවර්ධනය සඳහා රු.මි. 400ක් ද මඩකලපුව පැරණි බලකොටුව සංරක්ෂණය කිරීම සහ අලංකාරය කිරීම සඳහා රු.මි. 135ක් ද පොලොන්නරුව නවීන පහසුකම්වලින් යුතු පූජා නගරයක් බවට පත් කිරීම සඳහා රු.මි. 360ක් ද වෙන් කෙරේ.
ඒ අනුව මෙවර දැයට කිරුළ භූමියේ සියලු ම ඉදිකිරීම් අම්පාර හාඩි උසස් තාක්ෂණ හා කාර්මික විද්‍යාලයේ නවීකරණය කිරීමේ ඉදිරි සැලසුම්වලට අනුකූලව ඉදිකිරීමට සැලසුම් කර ඇති බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.