මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙකු විසින් පියා සහ දුවට වෙඩි තබා මරති දියණියගේ වයස අවුරුදු 4 යි


මොරගහහේන, මිල්ලෑව, පො ල්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ පියකු සහ දියණියක ඊයේ (26 වැනිදා) රාත්‍රි 07.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇත.මෙම වෙඩි තැබීමෙන් මියගොස්‌ ඇත්තේ මුදල් පොලියට ලබාදීමේ යෙදීසිටි එම්. ඩී. සුසන්ත ප්‍රේමකුමාර සහ ඔහුගේ සිව් හැවිරිදි දියණිය වූ රොෂානා නවංජනා නමැත්තියකි.මියගිය සුසන්ත නමැත්තා සිය බිරිඳ හා දියණිය සමඟ ඊයේ (26 වැනිදා) රාත්‍රියේ යතුරු පැදියකින් තම නිවස බලා එමින් සිටියදී නිවසට මීටර් 50 ක්‌ පමණ ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

 මෙම ඝාතන මුදල් ආරවුල් මත සිදුවූවක්‌ද යන්න පිළිබඳව පොලිසිය සැක පහළ කරයි. මියගිය සුසන්ත නමැත්තා රුපියල් ලක්‍ෂ තුනක මුදලක ආරවුලක්‌ පිළිබඳව මොරගහහේන පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇත.ඝාතනයට ලක්‌ වූ දෙදෙනාගේ මෘතශරීර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මේ වන විට තැන්පත් කර ඇතැයි පොලිසිය කියයි.මේ පිළිබඳව මොරගහහේන පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කිත්සිරි කුමාර මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


Gossip Lanka Hot News Previous News Archive